Thursday, September 13

බුදු දහම පිරිහිලා ද?

 අද සිද්ධියක් උනා.දාන්න ද නොදා ඉන්න ද කියල හිතුව.ඒත් ඇත්ත දැනගෙන ඇයි දන් නෑ වගේ ඉන්නෙ.



 හාමුදුරු නමක් (මොන පැත්තෙ ද කවුද කියල අහන්න එපා ) ස්ටෑන්ඩ් එකේ . බර කතාවක්. කාත් එක්කද? කියන්න කණගාටුයි පෙම්වතියත් එක්ක.මම දන්නෙ කොහොම ද...  සත්තයි! දිවුරනව මගේ කන් දෙකටම ඇහුණ. 
    " පැටියෝ exam කරල ඉවර උනාට පස්සෙ මම සිවුරු අරිනව "

 මේ කතාව! දෙයියනේ මේක විශ්වාස කරන්න පුළුවන් ද?? බුදු දහමටවත් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාටවත් අගෞරව කිරීමට සිතා ගෙන නෙවෙයි මම මේක ලියන්නෙ.ඒත් මමත් බෞද්ධයෙක්.මට මේව බලන් කටවහගෙන ඉන්න බැහැ. දන්නව මට ඒ වෙලාවෙ හිතුණ දේ... මගේ උත්තම බුදුන් වහන්සේ ගේ සිවුර නැතනම්...... එහෙම වුණා නම් අද මම පොලීසියේ. හිකනලෙක් චප්ප කළාට.. හිතකින් ලියන පෝස්ට් එකක් නෙවෙයි.ඔබ සියලු දෙනාගේ දැන ගැනීම පිණිස යි.

මදකට හිතන්න මේ හාමුදුරුවන්ට කතා කරපු ඒ තරුණිය කෙතරම් පාපකාරියක්ද කියල. බුද්ධ පුත්ත්‍රෙයක් බව දැන දැනම... කියන්න වචන නැහැ. මේකෙ වැරැද්ද තියෙන්නෙ කාගෙද.. කවුද දන්නෙ..

ඒ සිද්ධිය හිත ද්වේශ කරනකොට මට මතක් උනා ගුලි කරල දාපු තව සිද්ධියක්..

ඔව් ඒ පොසොන් පොහොය දවසක් 2012 පොසොන් පොහොය දවසෙ. මම ඇතුළු ප්‍රෙද්ශයේ තරුණයින් කිහිප දෙනෙක් වෙළ මැද බෝධිය කියල අපේ පැත්තෙ තියෙන බෝධියක බෝධි ආරකෂක මණ්ඩලය ලෙස කටයුතු කරනව.සුපුරුදු පරිදි ඒ පොහොයටත් පන්සලකින් තරුණ භික්ෂුවක් වැඩම කළා එම ස්ථානයට බුද්ධ පූජාව සහ ධර්ම දේශණයකට. රාත්‍රියේ බොහෝ සෙනගක් එම ස්ථානයට පැමිණීයා. ප්‍රෙදේශයේ ගැහැණු ළමයින් ගේ ද අඩුවක් නැතිව පැමිණිම වාර්ථා වුණා. බණ ඉවර කළ ඒ භික්ෂුව පන්සලට යන අතර මග (සමා වෙන්න මට වඩිනව කියල ලියවෙන්නේ නැහැ) 
  
 "මහත්තයෝ කවුද අර රෝසපාට ගවුමක් ඇදන් හිටපු කෑල්ල"

අපි තුන් දෙනෙක් වාහනේ ගියා.අපි අපේම මුහණු බලා ගත්ත මේ මොකක් ද ඇහුවෙ කියල. මෙච්චර වෙලා විස්තර කතා කර කර ආපු මගේ කට වැහුණ. ඒත් අපේ රියදුරු මහත්තය අපිට වඩා පොඩ්ඩක් වැඩුමල් අයිය කෙනෙක්.එයා දිගට කතාව ගෙනිච්චා. කියපු කතා වලට අපි දෙන්න ගෙ අතපය ලොක් වෙල තිබුනෙ.

"හාමුදුරුවනේ ඒ මේ ගමේ කෙනෙක් නෙවෙයි.එයාගෙ ආච්චි ඉන්නෙ මෙහේ.වැඩි විස්තරයක් නම් දන්නේ නෑ".

"ආ එහෙමද? පුලුවන්ද මට ඒ කෙල්ලගෙ නම්බර් එක හොයල දෙන්න".

"ට්‍රයි කරල බලන්නම් හාමුදුරුවනේ.. බැරි වෙන එකක් නැහැ".

"අනිවා හොයල දීපන් අයියා..  (හිටි ගමන් කතාවත් වෙනස් උනා)  මෙන්න මගේ නම්බර් එක"..

ඊට පස්සෙ එයා මාර ස්ටෝරියක් කියන්න ගත්ත පන්සලට ගිහිල්ලත් වාහනෙන් බහින්නෙ නැතුව කියවන්න ගත්ත..( මතක තිබුණු ටික විතරයි දෙබසට හැරෙව්වෙ.) තව කිවුව.. 

 "අපේ පන්සලේ ගොඩක් අයට කෑලි ඉන්නව.. නායක හාමුදුරුවො ඒ එකක්වත් දන් නෑ".

පස්සෙ දවස් කීපයක්ම මෙ චීවරධාරියාගෙන් කෝල්ස් ආව..ඒ ආවෙ අපේ බෝධි ආරක්ෂක කමිටුවෙ සභාපති තුමාට..නම හංසික.. දෙතුන් පාරක් කෝල් කළා.හැම පාරම මගේ යාළුව කතාව මග ඇරිය.ඒත් දිගටම කොල් කළා.. අන්තිමේ අපේ සභාපති තුමාගෙ සීමාව පැන්න.. @#$@#!$$%^$^%$&^#%$%@ වචන වගයක් ඇහුන. පස්සෙ නම් කෝල් ආවේ නැහැ.ඒ චීවරධාරිය කියල,
"මම ලබන පෝයට කවි බණක් කියන්නම් කොහොම හරි අර කෑල්ල ගෙ නම්බර් එක දීපන්"
කියල

   දන්නෙ නෑ ඒ සිද්ධිය මම ඇයි වැඩිය ගනන් ගත්තෙ නැත්තෙ කියල.කවුද දන්නෙ පන්සලේ අනික් ස්වාමීන් වහන්සේලා බිල්ලට දීල මෙයාගේ ආශාවන් අපිට ඔප්පු කරනව ද කියල.සමහර විට පස්සෙ මට එහෙම හිතුණ නිසා වෙන්න ඇති.


 ඒක නෙවෙයි, මගේ  දැක්ම මෙතැන ඉදන්.... 


ඉහත සිද්ධි දෙකෙන්ම පේන්නෙ බුදු දහම පිරිහිලා කියලද නෑ.බුදු දහම පිරිහිල නැහැ.පිරිහිල තියෙන්නෙ සමාජය යි.බුදුන් වහන්සේ දේශනා කළේ මොකක් ද
 " කිසියම් කෙනෙකුගේ බල කිරීම් මත මාගේ ධර්මය පිළි නොගන්න.එය නිවැරදිව විග්‍රහ කොට බලා සත්‍යය එය නම් පිළිගන්න" 

සරලව කිවුවොත් ඕක නේද උන් වහන්සෙ දේශනා කළේ. දැන් මොකක ද වෙලා තියෙන්නෙ උපතින්ම බුද්ධාගම් කාරයො උන පළියට බුදු දහම ගැන හරියට නොදැන මහණ දම් පුරන්න යනව.ඒ දෙමාපියන්ගෙ අගහිගකම් මත,යමෙකුගේ බලකිරීම් මත,සමහරුන්ට කන්න නැතිවුණාම, ආදි ලෙස විවිධ අයුරින් මහණ දම් පුරන්න එනව.මොකද බුදු දහම විවෘත දහමක්.ගොඩක් අය මහණ වෙන්නෙ කුඩා කාලෙදී.ඔවුන් වයසින් වැඩෙත්ම තමන් රකින මහණ කම අමතක වෙනව.ඒක සිදුවන්නෙ අද කාලෙ හැටියට.මොකද අද තාක්ෂණය දියුණුයි.හැම කෙනාගෙම අතේ ජංගම දුරකථන.ස්වාමීන් වහන්සේලාටත් මේව පැතිරෙනව.ඔවුන් අතෙත් ජංගම දුරකථන.මම කියන්නෙ නෑ ඒක අනවශ්‍ය යි කියල. අද ලොකයේ දියුණුවත් එක්ක බහුතරයක් ස්වාමීන් වහන්සේලා කාර්‍යය බහුල වෙලා.ඔවුන්ට දුරකතනය නැතුවම බැරි වෙලා.ඒත් ඉගෙන ගන්න ස්වාමීන් වහන්සේලාට, සාමාන්‍යෙයන් අපේ වයස් සීමාවේ ඉන්න ස්වාමීන් වහන්සේලා නිතර ගිහි අය ඇසුරු කරනව. උපකාරක පංති යනව.එතකොට ඔවුනට ගිහි අයත් සමග ගෙවන කාලය වැඩි වෙනව.

        නව යෞවුන් වියේ ඉන්න ස්වාමීන් වහන්සේලා ත් අපි වගේම හැගීම් දැනීම් තියෙන අය.මෙතෙන්දි වැරදි පාරට වැටෙන ස්වාමීන් වහන්සේලා වැඩිවෙනව.මොකද උන්වහන්සේලාටත් ඕන වෙනව අනික් කොල්ලන් වගේ කෙල්ලෙක් එක්ක මුකුළු කරන්න.චීවරය ඒකට බාධාවක් උනාට දුරකථනයක් තිබේ නම් එය පහසු වෙනව.මොකද කාටත් හොරෙන් සම්බන්ධතා ගොඩනගාගන්න පුළුවන් දුරකථනය මගින්.


    
   මේ සම්බන්ධතා නතර වන්නෙ එක්කො තමා වැඩසිටිය පන්සලට ත් ඒ නායක හාමුදුරුවන්ට ත් ඉතාම ලොකු කලු පැල්ලමක් ඉතුරු කරල.නැත්නම් අහිංසක ජීවිතයකින්.නමුත් තවත් ස්වාමීන් වහන්සේලා පිරිසක් ඉන්නව.වයසින් වැඩෙත්ම බුදු දහම පිළිබද දැනුම වැඩි වෙනව.බුදු දහම ගැන මනා අවබෝධයක් එනව.. ඔවුන් තමන්ගේ ශිලය පණ වගේ රකිනව..දැකල තියෙනව මේ වගේ හොරු අතරෙ ඒ වගේ උතුම් හාමුදුරුවො!! උන්නාන්සෙලාට මාගේ ප්‍රණාමය!!
    


             

ලංකාව කියන්නෙ ගෞතම බුද්ධ රාජ්‍යය යි. මේ උතුම් බුද්ධ රාජ්‍යය යේ බුද්ධ පුත්‍රෙයකුට දිය යුතු සියලුම ගෞරව බුහුමන් මගේ අතින් සිදු වෙයි.නමුත් මේ වගේ බුද්ධ ධර්මය කෙලසන භික්ෂුන් වහන්සේලාගෙන් බුදු දහම බේරා ගත යුතුයි.මම විශ්වාස කරන්නෙත් මගේ බුදුන් වහන්සේ පමණයි. මතකයි සමහරු තමන් මාර්ගපල ලබල කියල තැන තැන කියව කියව ගිය හැටි.මතකයි තවත් සමහරු මෛත්‍රී බුදුන් කියල බුදු දහම විකෘති කරපු හැටි.කෝ අද ඒ අය?? මම ඒ අයගෙ බණත් අහල තමයි කතා කරන්නෙ.විද්‍යාවට බොරු කරන්න බැරි වුණ එකම ආගම උනේ මගේ බුදු දහම විතරයි.

         




බුදු දහමට හෝ ස්වාමීන් වහන්සේලාට අ‍ගෞරවයක් කිරිමට මගේ සිතේ කිසිම චේතනාවක් නොතිබුණි.මාගේ පරමාර්ථය වූයේ ඇත්ත තත්වය මට වැටහෙන පරිදි ඉදිරිපත් කිරීමයි..

ඉහත මා උපුටා දැක්වූ සිද්ධී දෙක බොරුවක් නොවන බව මාගේ හෘද සාක්ෂිය සාක්කි දරනු ඇත.

         





 NVScreations

පොහොය දා ...

සුපිපි වන මල් පොකුරු අතරින් හිරු උදාවන පෝහෝ දා....... නිමල බුදු බණ අසනු බැතියෙන් සිතෙහි සරදම් ඉවතලා....... හදේ ඉපැදුනු අරුත...