Sunday, October 28

ඇයි තාත්තෙ....? (32)




සැෑ අුර අතරින් පිය මනින              දුවේ
සියුමැලි අතින් වතුර අදින පුංචි           දුවේ
මොකද කියාපන් උ අද දුකින්          දුවේ
කුඩම්මාට ඹ වැඩිදැයි කියන්            දුවේ


වැරහැලි වතට සියුමැලි කම දුර          ඇතිය
නු‍‍බෙ ඔය හිනාවට මේ රැය පණ        නැතිය
කනේරු ඇට ගස පාමුල බිම              ඇතිය
සුදු දුව නාඩන්  දැන් මේ‍‍   අම්මා        නැතිය

රාස්සිගේ අව්වට උ ආසයි නේද              දුවේ
පැළඉණි වැට දළුලා ලා පුංචි                      දුවේ
පුංචි අම්ම ගෙට වැදුනට පසුව                   දුවේ
පැනල වරෙන් මා පසු පස විගස                දුවේ













NVScreations

23 comments:

  1. හිතට දැනුනු කවක් හ්ම්ම්ම් සංවෙදියි...

    ReplyDelete
    Replies
    1. හ්ම්!!!! ස්තුතියි සහෝ

      Delete
  2. මලේ අකුරු ටික නම් අවුල් වගේ....

    ReplyDelete
  3. සඳැස් කවියේ දී ය ව හ න් කියා දෝසයක් ඇත. එය පොඩ්ඩක් හදාරන්න. ඔබට එය ජය ගත හැකියි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අයියා.... මම ඒක බලන්නම්..... තාම කවි වලට අලුත්... ඔබ මට මෙය පෙන්වාදීම ගැන ඇත්තටම මට සතුටුයි.මොකද කවිය ලස්සනයි කියනවට වඩා වැරැද්දක් තියෙනව නම් පෙන්වන එක අවංක භාවය කියල මම හිතන්නෙ.. ස්තුතියි අයියෙ නැවත වතාවක්.

      Delete
    2. එය නිවැරදි කළෙමි!!


      Delete
  4. දුවට මවක මිස...
    ලස්සන කවි සිතුවිල්ලක් !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සහෝ!!
      ඒත් වැරැද්දක් තිබුණ නිසා මම ඒකෙ පද ටිකක් මාරු කළා...
      මතක ඇතුව අයෙත් ආපු වෙලාවක කියවන්න.සහෝ!!

      Delete
  5. නොතලන් හිත මා ආදර දියණියනේ...
    එහෙම කිව්වේ ගීයකින් නන්දා මාලනී

    ReplyDelete
  6. හ්ම්!! ඒ කටහඩ හරිම හැගුම්බරයි...
    ස්තුතියි!!!

    ReplyDelete
  7. රාස්සිගේ අවුවට?? අම්මෝ..:)
    කොහොම උනත් අපූරුයි ලියවිල්ල,,:)
    ජයම වේවා සහෝ..

    ReplyDelete
    Replies
    1. හිරු දන්නවද ? රාස්සිගේ අව්ව .... සිංදුවක් මතක් වෙනව.... ඔයාට මතකද දන් නෑ..
      "රාස්සිගේ අව්ව වැටී දඹ රං වූ ඔබෙ කෙහෙරැලි
      සුළං සමග පොරබැදුවා..."


      කාලෙකින් ආවට සිතුතියි හිරුවෝ!! (math ehema tamai)

      Delete
  8. ආ...මේකයි එහෙනම් යවහන් දෝෂය ගැන කියලා තිබුනේ...ඔය තියෙන්නේ ලස්සනට :) නියමයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සහෝදරිය!!
      ඔයා ගේ ඒ දෝෂය පිළිබදව ලියපු පෝස්ට් එක දැක්ක.....
      ගෙඩක් ස්තුතියි.

      Delete
  9. කවි සිතුවිල්ල මම රසවින්දෙමි.
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ස්තුතියි!! හිතනව ආයෙත් එයි කියල!!

      Delete
  10. පට්ට බන් ~~~!!!

    ReplyDelete
  11. Replies
    1. ඔබට ත් එසේම යි.. ස්තුතියි!

      Delete
  12. දැන් කොල්ලා දියුණු වෙලා සතුටුයි ඈ

    ReplyDelete
    Replies
    1. ඔබ තමයි වැරදුනහම පාර කිව්වේ!!
      නැවත ත් ස්තුති යි අයියා!!

      Delete

ඇවිල්ල නිකම්ම බලල යන්න එපා.අදහසකුත් දාල යන්න.මොකද ඔයාගෙ අදහස මට ගොඩක් වටීවි මගේ වැරදි තියෙනම් හදාගන්න.ඒ නැති වුනත් ඔයාගේ අදහස මගේ හිත සතුටු කරාවී.මගේ පෝස්ට් ගැන ඔයාලගේ අදහස් දැනගන්න මම ගොඩාක් කැමතියි!!

පොහොය දා ...

සුපිපි වන මල් පොකුරු අතරින් හිරු උදාවන පෝහෝ දා....... නිමල බුදු බණ අසනු බැතියෙන් සිතෙහි සරදම් ඉවතලා....... හදේ ඉපැදුනු අරුත...