සැඳෑ අඳුර අතරින් පිය මනින දුවේ
සියුමැලි අතින් වතුර අදින පුංචි දුවේ
මොකද කියාපන් උඹ අද දුකින් දුවේ
කුඩම්මාට උඹ වැඩිදැයි කියන් දුවේ
වැරහැලි වතට සියුමැලි කම දුර ඇතිය
නුබෙ ඔය හිනාවට මේ රැය පණ නැතිය
කනේරු ඇට ගස පාමුල බිම ඇතිය
සුදු දුව නාඩන් දැන් මේ අම්මා නැතියරාස්සිගේ අව්වට උඹ ආසයි නේද දුවේ
පැළඉණි වැට දළුලා ලා පුංචි දුවේ
පුංචි අම්ම ගෙට වැදුනට පසුව දුවේ
පැනල වරෙන් මා පසු පස විගස දුවේ
පැනල වරෙන් මා පසු පස විගස දුවේ
NVScreations
හිතට දැනුනු කවක් හ්ම්ම්ම් සංවෙදියි...
ReplyDeleteහ්ම්!!!! ස්තුතියි සහෝ
Deleteමලේ අකුරු ටික නම් අවුල් වගේ....
ReplyDeleteසඳැස් කවියේ දී ය ව හ න් කියා දෝසයක් ඇත. එය පොඩ්ඩක් හදාරන්න. ඔබට එය ජය ගත හැකියි.
ReplyDeleteස්තුතියි අයියා.... මම ඒක බලන්නම්..... තාම කවි වලට අලුත්... ඔබ මට මෙය පෙන්වාදීම ගැන ඇත්තටම මට සතුටුයි.මොකද කවිය ලස්සනයි කියනවට වඩා වැරැද්දක් තියෙනව නම් පෙන්වන එක අවංක භාවය කියල මම හිතන්නෙ.. ස්තුතියි අයියෙ නැවත වතාවක්.
Deleteඑය නිවැරදි කළෙමි!!
Deleteදුවට මවක මිස...
ReplyDeleteලස්සන කවි සිතුවිල්ලක් !
ස්තුතියි සහෝ!!
Deleteඒත් වැරැද්දක් තිබුණ නිසා මම ඒකෙ පද ටිකක් මාරු කළා...
මතක ඇතුව අයෙත් ආපු වෙලාවක කියවන්න.සහෝ!!
නොතලන් හිත මා ආදර දියණියනේ...
ReplyDeleteඑහෙම කිව්වේ ගීයකින් නන්දා මාලනී
ස්තුතියි ඔබට!!!
Deleteහ්ම්!! ඒ කටහඩ හරිම හැගුම්බරයි...
ReplyDeleteස්තුතියි!!!
රාස්සිගේ අවුවට?? අම්මෝ..:)
ReplyDeleteකොහොම උනත් අපූරුයි ලියවිල්ල,,:)
ජයම වේවා සහෝ..
හිරු දන්නවද ? රාස්සිගේ අව්ව .... සිංදුවක් මතක් වෙනව.... ඔයාට මතකද දන් නෑ..
Delete"රාස්සිගේ අව්ව වැටී දඹ රං වූ ඔබෙ කෙහෙරැලි
සුළං සමග පොරබැදුවා..."
කාලෙකින් ආවට සිතුතියි හිරුවෝ!! (math ehema tamai)
ආ...මේකයි එහෙනම් යවහන් දෝෂය ගැන කියලා තිබුනේ...ඔය තියෙන්නේ ලස්සනට :) නියමයි.
ReplyDeleteස්තුතියි සහෝදරිය!!
Deleteඔයා ගේ ඒ දෝෂය පිළිබදව ලියපු පෝස්ට් එක දැක්ක.....
ගෙඩක් ස්තුතියි.
කවි සිතුවිල්ල මම රසවින්දෙමි.
ReplyDeletehttp://manasindiviyata.blogspot.com/
ස්තුතියි!! හිතනව ආයෙත් එයි කියල!!
Deleteපට්ට බන් ~~~!!!
ReplyDeleteස්තුතියි!!! සහෝ!
Deleteජය වේවා!!
ReplyDeleteඔබට ත් එසේම යි.. ස්තුතියි!
Deleteදැන් කොල්ලා දියුණු වෙලා සතුටුයි ඈ
ReplyDeleteඔබ තමයි වැරදුනහම පාර කිව්වේ!!
Deleteනැවත ත් ස්තුති යි අයියා!!