හ්ම්!!! කාලෙකින් මේ පැත්තෙ ආවෙ...... අද කියන්න ආවේ පොඩි හරවත් කතාවක්...
එක දිනක් කැලෑබද ගම්මානයක් කරා ආහාර හොයාගෙන ගිය නරියෙක් ගම්මු අටවපු උගුලකට අහු උනා. උගුලෙන් බේරෙන්න නරියා ගොඩකාරියක් මහන්සි උනා. අන්තිමේ උගුලෙන් මිදුණත් උගුලට හසු වූ වල්ගය මුලින්ම කැඩී ගියා.
"අයියෝ මගේ වලිගය...... මේ වල්ගෙ නැතුව මම කොහොමද අනික් අය ළගට යන්නෙ. මගේ අවලස්සන ගැන අනික් අය විහිළු කර යි. "
දන්නවනේ ඉතින් නරි කොහොමත් කපටියි නෙව....
මූ කදිම උපායක් කල්පනා කළා.අන්තිමට උපායක් හොයා ගත්තු නරිය බොරු ආඩම්බරයක් මවා ගෙන අනික් අය ළගට ගියා.
" අයියෝ කෝ ඔබේ වලිගය. ඔයාගේ ලස්සන වලිගයට මොකද උනේ ".. අනික් නරියො ප්රශ්ණ කළා.
" පුහ්!!! ඒ රෙද්දෙන් මට ඇති වැඩක් නැහැ. මම වල්ගය අයින් කර ගත්ත. දැන් මට ඉස්සර වගේ කිසිම බයක් නැහැ. වල්ගය උස්සගෙන යන්නත් ඕනෙ නැහැ. මේ විදියට හිටියහම ආහාර හොයාගන්නත් ලේසි යි ." .
එසේ කියපු මේ වල් නරිය අන් අයටත් වලිගය කපා ගන්න උපදෙස් දුන්න.
ඔන්න එතකොටම තමයි මේ නරි රැලේ ඉන්න ටිකක් රැඩිකල් ඒත් සාම්ප්රදායික එළ නරියෙක් එලියට එන්නෙ. මූ ඇවිත් අනික් උන් ඉස්සරහ කියපි....
" තෝ තොගෙ වල්ගෙ නැති කරගත්තට අපිට අපේ වලිග වටිනව යකෝ! අපිට ඒව නැති කරගන්න උවමනාවක් නැහැ.".
කියල.....
මේ ලින්ක් එකත් බලන්න..
http://mirror.lk/sinhala/news/10621-dayasiri-joni-son
ලිව්වේ :- නිපුන සේනානායක

හා හා ළමයි කතාව ඉවර යි.......