Thursday, September 13

බුදු දහම පිරිහිලා ද?

 අද සිද්ධියක් උනා.දාන්න ද නොදා ඉන්න ද කියල හිතුව.ඒත් ඇත්ත දැනගෙන ඇයි දන් නෑ වගේ ඉන්නෙ.



 හාමුදුරු නමක් (මොන පැත්තෙ ද කවුද කියල අහන්න එපා ) ස්ටෑන්ඩ් එකේ . බර කතාවක්. කාත් එක්කද? කියන්න කණගාටුයි පෙම්වතියත් එක්ක.මම දන්නෙ කොහොම ද...  සත්තයි! දිවුරනව මගේ කන් දෙකටම ඇහුණ. 
    " පැටියෝ exam කරල ඉවර උනාට පස්සෙ මම සිවුරු අරිනව "

 මේ කතාව! දෙයියනේ මේක විශ්වාස කරන්න පුළුවන් ද?? බුදු දහමටවත් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාටවත් අගෞරව කිරීමට සිතා ගෙන නෙවෙයි මම මේක ලියන්නෙ.ඒත් මමත් බෞද්ධයෙක්.මට මේව බලන් කටවහගෙන ඉන්න බැහැ. දන්නව මට ඒ වෙලාවෙ හිතුණ දේ... මගේ උත්තම බුදුන් වහන්සේ ගේ සිවුර නැතනම්...... එහෙම වුණා නම් අද මම පොලීසියේ. හිකනලෙක් චප්ප කළාට.. හිතකින් ලියන පෝස්ට් එකක් නෙවෙයි.ඔබ සියලු දෙනාගේ දැන ගැනීම පිණිස යි.

මදකට හිතන්න මේ හාමුදුරුවන්ට කතා කරපු ඒ තරුණිය කෙතරම් පාපකාරියක්ද කියල. බුද්ධ පුත්ත්‍රෙයක් බව දැන දැනම... කියන්න වචන නැහැ. මේකෙ වැරැද්ද තියෙන්නෙ කාගෙද.. කවුද දන්නෙ..

ඒ සිද්ධිය හිත ද්වේශ කරනකොට මට මතක් උනා ගුලි කරල දාපු තව සිද්ධියක්..

ඔව් ඒ පොසොන් පොහොය දවසක් 2012 පොසොන් පොහොය දවසෙ. මම ඇතුළු ප්‍රෙද්ශයේ තරුණයින් කිහිප දෙනෙක් වෙළ මැද බෝධිය කියල අපේ පැත්තෙ තියෙන බෝධියක බෝධි ආරකෂක මණ්ඩලය ලෙස කටයුතු කරනව.සුපුරුදු පරිදි ඒ පොහොයටත් පන්සලකින් තරුණ භික්ෂුවක් වැඩම කළා එම ස්ථානයට බුද්ධ පූජාව සහ ධර්ම දේශණයකට. රාත්‍රියේ බොහෝ සෙනගක් එම ස්ථානයට පැමිණීයා. ප්‍රෙදේශයේ ගැහැණු ළමයින් ගේ ද අඩුවක් නැතිව පැමිණිම වාර්ථා වුණා. බණ ඉවර කළ ඒ භික්ෂුව පන්සලට යන අතර මග (සමා වෙන්න මට වඩිනව කියල ලියවෙන්නේ නැහැ) 
  
 "මහත්තයෝ කවුද අර රෝසපාට ගවුමක් ඇදන් හිටපු කෑල්ල"

අපි තුන් දෙනෙක් වාහනේ ගියා.අපි අපේම මුහණු බලා ගත්ත මේ මොකක් ද ඇහුවෙ කියල. මෙච්චර වෙලා විස්තර කතා කර කර ආපු මගේ කට වැහුණ. ඒත් අපේ රියදුරු මහත්තය අපිට වඩා පොඩ්ඩක් වැඩුමල් අයිය කෙනෙක්.එයා දිගට කතාව ගෙනිච්චා. කියපු කතා වලට අපි දෙන්න ගෙ අතපය ලොක් වෙල තිබුනෙ.

"හාමුදුරුවනේ ඒ මේ ගමේ කෙනෙක් නෙවෙයි.එයාගෙ ආච්චි ඉන්නෙ මෙහේ.වැඩි විස්තරයක් නම් දන්නේ නෑ".

"ආ එහෙමද? පුලුවන්ද මට ඒ කෙල්ලගෙ නම්බර් එක හොයල දෙන්න".

"ට්‍රයි කරල බලන්නම් හාමුදුරුවනේ.. බැරි වෙන එකක් නැහැ".

"අනිවා හොයල දීපන් අයියා..  (හිටි ගමන් කතාවත් වෙනස් උනා)  මෙන්න මගේ නම්බර් එක"..

ඊට පස්සෙ එයා මාර ස්ටෝරියක් කියන්න ගත්ත පන්සලට ගිහිල්ලත් වාහනෙන් බහින්නෙ නැතුව කියවන්න ගත්ත..( මතක තිබුණු ටික විතරයි දෙබසට හැරෙව්වෙ.) තව කිවුව.. 

 "අපේ පන්සලේ ගොඩක් අයට කෑලි ඉන්නව.. නායක හාමුදුරුවො ඒ එකක්වත් දන් නෑ".

පස්සෙ දවස් කීපයක්ම මෙ චීවරධාරියාගෙන් කෝල්ස් ආව..ඒ ආවෙ අපේ බෝධි ආරක්ෂක කමිටුවෙ සභාපති තුමාට..නම හංසික.. දෙතුන් පාරක් කෝල් කළා.හැම පාරම මගේ යාළුව කතාව මග ඇරිය.ඒත් දිගටම කොල් කළා.. අන්තිමේ අපේ සභාපති තුමාගෙ සීමාව පැන්න.. @#$@#!$$%^$^%$&^#%$%@ වචන වගයක් ඇහුන. පස්සෙ නම් කෝල් ආවේ නැහැ.ඒ චීවරධාරිය කියල,
"මම ලබන පෝයට කවි බණක් කියන්නම් කොහොම හරි අර කෑල්ල ගෙ නම්බර් එක දීපන්"
කියල

   දන්නෙ නෑ ඒ සිද්ධිය මම ඇයි වැඩිය ගනන් ගත්තෙ නැත්තෙ කියල.කවුද දන්නෙ පන්සලේ අනික් ස්වාමීන් වහන්සේලා බිල්ලට දීල මෙයාගේ ආශාවන් අපිට ඔප්පු කරනව ද කියල.සමහර විට පස්සෙ මට එහෙම හිතුණ නිසා වෙන්න ඇති.


 ඒක නෙවෙයි, මගේ  දැක්ම මෙතැන ඉදන්.... 


ඉහත සිද්ධි දෙකෙන්ම පේන්නෙ බුදු දහම පිරිහිලා කියලද නෑ.බුදු දහම පිරිහිල නැහැ.පිරිහිල තියෙන්නෙ සමාජය යි.බුදුන් වහන්සේ දේශනා කළේ මොකක් ද
 " කිසියම් කෙනෙකුගේ බල කිරීම් මත මාගේ ධර්මය පිළි නොගන්න.එය නිවැරදිව විග්‍රහ කොට බලා සත්‍යය එය නම් පිළිගන්න" 

සරලව කිවුවොත් ඕක නේද උන් වහන්සෙ දේශනා කළේ. දැන් මොකක ද වෙලා තියෙන්නෙ උපතින්ම බුද්ධාගම් කාරයො උන පළියට බුදු දහම ගැන හරියට නොදැන මහණ දම් පුරන්න යනව.ඒ දෙමාපියන්ගෙ අගහිගකම් මත,යමෙකුගේ බලකිරීම් මත,සමහරුන්ට කන්න නැතිවුණාම, ආදි ලෙස විවිධ අයුරින් මහණ දම් පුරන්න එනව.මොකද බුදු දහම විවෘත දහමක්.ගොඩක් අය මහණ වෙන්නෙ කුඩා කාලෙදී.ඔවුන් වයසින් වැඩෙත්ම තමන් රකින මහණ කම අමතක වෙනව.ඒක සිදුවන්නෙ අද කාලෙ හැටියට.මොකද අද තාක්ෂණය දියුණුයි.හැම කෙනාගෙම අතේ ජංගම දුරකථන.ස්වාමීන් වහන්සේලාටත් මේව පැතිරෙනව.ඔවුන් අතෙත් ජංගම දුරකථන.මම කියන්නෙ නෑ ඒක අනවශ්‍ය යි කියල. අද ලොකයේ දියුණුවත් එක්ක බහුතරයක් ස්වාමීන් වහන්සේලා කාර්‍යය බහුල වෙලා.ඔවුන්ට දුරකතනය නැතුවම බැරි වෙලා.ඒත් ඉගෙන ගන්න ස්වාමීන් වහන්සේලාට, සාමාන්‍යෙයන් අපේ වයස් සීමාවේ ඉන්න ස්වාමීන් වහන්සේලා නිතර ගිහි අය ඇසුරු කරනව. උපකාරක පංති යනව.එතකොට ඔවුනට ගිහි අයත් සමග ගෙවන කාලය වැඩි වෙනව.

        නව යෞවුන් වියේ ඉන්න ස්වාමීන් වහන්සේලා ත් අපි වගේම හැගීම් දැනීම් තියෙන අය.මෙතෙන්දි වැරදි පාරට වැටෙන ස්වාමීන් වහන්සේලා වැඩිවෙනව.මොකද උන්වහන්සේලාටත් ඕන වෙනව අනික් කොල්ලන් වගේ කෙල්ලෙක් එක්ක මුකුළු කරන්න.චීවරය ඒකට බාධාවක් උනාට දුරකථනයක් තිබේ නම් එය පහසු වෙනව.මොකද කාටත් හොරෙන් සම්බන්ධතා ගොඩනගාගන්න පුළුවන් දුරකථනය මගින්.


    
   මේ සම්බන්ධතා නතර වන්නෙ එක්කො තමා වැඩසිටිය පන්සලට ත් ඒ නායක හාමුදුරුවන්ට ත් ඉතාම ලොකු කලු පැල්ලමක් ඉතුරු කරල.නැත්නම් අහිංසක ජීවිතයකින්.නමුත් තවත් ස්වාමීන් වහන්සේලා පිරිසක් ඉන්නව.වයසින් වැඩෙත්ම බුදු දහම පිළිබද දැනුම වැඩි වෙනව.බුදු දහම ගැන මනා අවබෝධයක් එනව.. ඔවුන් තමන්ගේ ශිලය පණ වගේ රකිනව..දැකල තියෙනව මේ වගේ හොරු අතරෙ ඒ වගේ උතුම් හාමුදුරුවො!! උන්නාන්සෙලාට මාගේ ප්‍රණාමය!!
    


             

ලංකාව කියන්නෙ ගෞතම බුද්ධ රාජ්‍යය යි. මේ උතුම් බුද්ධ රාජ්‍යය යේ බුද්ධ පුත්‍රෙයකුට දිය යුතු සියලුම ගෞරව බුහුමන් මගේ අතින් සිදු වෙයි.නමුත් මේ වගේ බුද්ධ ධර්මය කෙලසන භික්ෂුන් වහන්සේලාගෙන් බුදු දහම බේරා ගත යුතුයි.මම විශ්වාස කරන්නෙත් මගේ බුදුන් වහන්සේ පමණයි. මතකයි සමහරු තමන් මාර්ගපල ලබල කියල තැන තැන කියව කියව ගිය හැටි.මතකයි තවත් සමහරු මෛත්‍රී බුදුන් කියල බුදු දහම විකෘති කරපු හැටි.කෝ අද ඒ අය?? මම ඒ අයගෙ බණත් අහල තමයි කතා කරන්නෙ.විද්‍යාවට බොරු කරන්න බැරි වුණ එකම ආගම උනේ මගේ බුදු දහම විතරයි.

         




බුදු දහමට හෝ ස්වාමීන් වහන්සේලාට අ‍ගෞරවයක් කිරිමට මගේ සිතේ කිසිම චේතනාවක් නොතිබුණි.මාගේ පරමාර්ථය වූයේ ඇත්ත තත්වය මට වැටහෙන පරිදි ඉදිරිපත් කිරීමයි..

ඉහත මා උපුටා දැක්වූ සිද්ධී දෙක බොරුවක් නොවන බව මාගේ හෘද සාක්ෂිය සාක්කි දරනු ඇත.

         





 NVScreations

20 comments:

  1. මටත් හිතාගන්න බෑ මේකට මොනවා කියන්නද කියලා. ගොඩක් අය පොඩි කාලේ මහණ කරන්නේ නැති බැරි කම් නිසා. ඒත් ළමයාගේ කැමැත්තකින් නෙමෙයි නම් ඒ දේ වෙන්නේ, අන්තිමට සිද්ධ වෙන්නේ මෙහෙම දේවල් තමයි. තමන්ගේ නැති බැරි කම් වලට පිලියමක් විදියට බුද්ධ සාසනය යොදා ගන්න එක වැරදි වැඩක් කියලයි මට හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔවු හරි... ඒත් අද ඒක රැල්ලට ගිහින්..ඒත් මට එකක් විශ්වාසයි බුදු දහම විකෘති කරන,කෙලසන අය වැඩිකල් ඉන්නෙ නැහැ කියන එක. ස්තුතියි අදහසට සොහොයුරිය

      Delete
    2. ehenam ubala mahanaweyanla mahanakame tiyena amaruwa danne unwahansela witarai hamuduruwaru natuwa pasal kocchara tibbath wadak naa ekath terumgatot hodai mahana unata tawama rahath welanaha tamusela bawdada natnam wena agamakada mewa prasidda karala monawada bala porottu wenne. mewatamai paw mewage paw walin kawadawath tamuselata goda ennabaha.lee mas nahara ati samannya hitak ati hamuduruwanta apahasa karanna epa .eyala pawak kara gatthoth eyaala ewa aagenayai api karagattot ewa api aragena yai antimata apita kisimadeyak naha pina wiarai eka terumgena katayutukaranna .
      wena kenekuta mewage dewal kiyanawatawadiya pawak tiyenabawath danaganna...ehemahari mahanawela innaeka loku deyak hamuduruwarunatnam yako api meloketh naha.

      Delete
    3. ප්‍රියන්ත බණ්ඩාර වෙතට......
      මහත්මයා, පළවෙනි කාරණය මට මහණවෙන්න හිතුණ දවසක මම මහණ වෙනව.මට කවුරුත් කියන්න ඕනි නැහැ මහණවෙන්න.මොකද මට දැනට ජීවිතය කල කිරිල තිබුණට ඒක මහණ වෙන්න තරම් නැහැ.
      දෙවැන්න, මහණකම අමාරුවක් නම් ඇයි අපි මහණ වෙන්නෙ. ඔබ බුද්ධ වචනයට යි පිටුපා තියෙන්නෙ.බුදුන් වහන්සේ දේශනා කළ චාම් සරල දිවි පැවැත්ම ඔබට අමතක වුණි ද? එම චාම් සරල දිවි පැවැත්ම ඇත්තේ මහණකමේ බව ඔබට අමතක වුණි ද? (මෙයින් පෙනී යන්නේ ඔබ යම් සිත් කලබලයක් මත මෙම පෝස්ට් එක හරි හැටි නොකියවා අදහස් දක්වා ඇති බව යි.) අනික මහණ වෙන්නෙ අමාරුවෙන් ජීවත් වෙන්නද නැතිනම් සරල බව පළිහක් කොටගෙන උතුම් වූ නිර්වාණය අවබෝධ කර ගන්න ද?
      තෙවැන්න, හාමුදුරුවො නෙවෙයි සිල්වත් හාමුදුරුවො නැතුව පන්සල් වැඩක් නැහැ. ඔබ පවසන්නේ ඔබත් සිවුර පෙරවූ කළ සිල්වත් කියාද? ඔබව සිල්වත් කළේ නැත.ඔබ පෙරවූයේ සිල්වත් බුද්ධ චීවරයයි. ඒ නිසා ඔබ සිල්වතෙක් විදියට පෙනෙයි.නමුත් හෘද සාක්ෂිය එයට පිළිතුරු සපයයි.
      සිවුවැන්න, මේව ප්‍රසිද්ධ කරල මා බාලාපොරොත්තු වූයේ එකම දෙය යි. ඒ ගෞතම බුද්ධ ශාසනයේ පිරිහීම අන් අයට අවබෝධ කරවීම යි.ස්වාමීන් වහන්සේලා එය ආරක්ෂා කරගැනීමට කැපවිය යුතු යි.උන්වහන්සේලා රහත් වී නැහැ.අඩුම ගනනේ සොවාන් වූ ස්වාමීන් වහන්සේ නමකුත් මා දන්න තරමින් නැහැ.(බොරුකාරයන් ගැන නෙවෙයි)උන්වහන්සේලා සියලු දෙනාම පෘථ:ඥජනයො. නමුත් උන්වහන්සේලා සමහරක් ගිහියන්ට වඩා දහස් ගුණයකින් සිල්වත්.
      පස්වැන්න, පවු වලින් ගොඩ හ්ම මම මා විසින් බලා ගන්නම්. ඔබ මගේ පව් වලට කර ගහන්නෙ නැහැ නෙව. මගේ හෘද සාක්ෂිය දන්නව මම පව් කළ තරම.මම මේ කරපු දේ පවක් නම් මට නිසි දඩුවම් ලැබෙයි.ඔබ කියන්නෙ මට හෙණගහපන් කියලද.මම කළේ වැරැද්දක් නම් ගහපුදෙන්.ඒත් මගේ පවෙන් ඔයාට ඇති ඵලේ කිම?
      හයවැන්න, ඔබ කියන්නේ ඔවුන් මිනිසුන් කියල නේ. ඔවු ඔවුන් මිනිස්සු.මිනිසුසු අතර උසස් මිනිස්සු.ඉතින්? ඔවු ඔවුන්ට තියෙන්නෙ සාමාන්‍ය හිතක්.මහනදම් පිරීම කියන්නෙ හිත දමනය කර ගැනීම නේද සහෝදරයා? අනික මම නැවත වරක් කියනව ඔබ මගේ පෝස්ට් එක හරි හැටි කියවල නැහැ.කියෙව්වත් තෙරුම් අරගෙන නැහැ.(ඔබ දිගින් දිගමට බුදු දහම ගැන දන්නැති කෙනෙක් විදියටයි අදහස් දක්වා ඇත්තේ.ඔයිට වඩා දෙයක් අපේ අන්‍යාගමිකයොත් බුදු දහම ගැන දන්නව.)
      හත්වැන්න, ඔව් අපි කරගත්තුව අපි අරගෙන යයි. මම ඉස්සෙල්ලත් කිවුවනේ.අනික පින පව කියන එක අඩු වැඩි වශයෙන් අපිට තියෙනවනෙ නේද? ඔයා දන්නෙ නැහැ නේද බුදු හාමුදුරුවන්ටත් පව පඩිසන් දුන්න කියල.උනවහන්සේ පිරිනිවනට මාස තුනකට කලින් ආනන්ද ස්ථීවරට උන්වහන්සේ තව තුන මසකින් උන්වහන්සේ පිරිනිවන් පානා බව කිව් විට ආනන්ද ෂථීවරට එයට විරුද්ධ වීමට තරම් හිතක් පහළ නොවුනේ කුමක් නිසා කියලද ඔබ පවසන්නෙ?මතකද උන්වහන්සේටත් රොගයක් වැළදුනා?.. ඉතින් මහත්මයා බුදුන්ට ත් එසේ නමි අපිට කෙසේද? ඒක නිසා ඔයා පව් පිං කථාව පැත්තක දාන්න.
      අටවැන්න, මෙතෙන්ට එන්න තමයි මම මග බලන් හිටියෙ....... ඇයි අපි හාමුදුරුවො නැත්නම් මේ ලෝකෙත් නැත්තේ? ඒක මට පැහැදිලි නැහැ. කරුණා කරලා පැහැදිලි කරන්න පුළුවනි ද?

      කොහොම නමුත් ඔබ ආවේගයකින් තමයි අදහස දාලා තියෙන්නේ. මහත්තයෝ, ඒත් අපි ඇත්තට මුහුණ දෙන්න ඕනි. සිවුර, බුද්ධ චීවරය පෙරව ගත්ත ත් වැරදි කාරයා වැරදිකාරයාම යි. දේවදත්ත තෙරුන් ගැන දන්නවනේ..අහ්! ආන් ඒ පරම්පාරාවෙන් පැවත එන්නන් ගැන තමිය මම මේ පෝස්ට් එක දැම්මෙ. කරුණාකර මම කි දේවල් සිතා බලා මා වැරදි බව ඔප්පු කොට පෙන්වන්න.

      Delete
  2. අපේ ගමෙත් ඕවා ඕන තරම් සිද්ද වෙලා තියෙනවා.සිද්ද වෙමින් පවතිනවා.වැඩක් නෑ කතා කරලා.ලංකාවේ හැම තැනම ඔය තත්වය දකින්න පුළුවන් වගේ.

    ReplyDelete
    Replies
    1. ඔව් අයියා... මේ තත්වය නැතිකරන්න ඕන මෙහි මූලය හොයාගෙන..ඒත් කවුරු කවද ඒක හොයා ගනීද දන් නෑ..

      Delete
  3. එක අතකට සිවුරත් දාගෙන ඔය වගේ ජරා වැඩ කරන්නේ නැතුව සිවුර අතාරින එකෙන් සාසනය බේරෙනවා.. හැබැයි ඉතින් පවු සිද්ද වෙනවා. මොකද ඔය ගෑල්ලමයත් එක්ක යාළු වෙලා ඇත්තේ සිවුර දාගෙන ඉන්න කාලේ නෙව.

    ReplyDelete
    Replies
    1. දන්නවද අයියා, තවත් හාමුදුරුවරු මේ ප්‍රශ්නෙම නිසා නෙවි සිවුරු අරින්නෙ.. සමහරු ඉගෙන ගෙන ඉවරවෙල කැම්පස් තේරුනාම කැම්පස් යන්නෙ සිවුරු ඇරල.. ඕකයි අද තත්වය

      Delete
    2. තව දෙයක් තමා කැම්පස් ආවට පස්සේ සිවුරු අරින හාමුදුරුවරු ගොඩක් වැඩියි. මොකද කැම්පස් ගියහම පන්සලේ ඉන්නවා වගේ නෙවේ නිදහස ගොඩක්ම වැඩියි. ඒ නිසා සිවුරු හරින ප්‍රවනතාව ගොඩක්ම වැඩියි...

      තව මට හිතෙන දෙයක් තමයි භද්‍ර කල්පයක ජීවත් වෙන අපි මෙහෙම දේවල් දකිනවා නම් බුදුවරු පහල නොවෙන කල්පයක කොහොම නම් වෙයිද කියලා...

      Delete
    3. ආයෙත් මොන කතාද අයියේ... ඒ කාලෙ ඉතින් බුදුන්ගෙම පිහිට තමයි

      Delete
  4. සිවුරක් දාගත්තට මුනුත් මිනිස්සුනේ..ඉතින් කෙ... වෙනවා ඇත.

    ReplyDelete
    Replies
    1. ඔව් ... ඒත් සිවුරෙ ඉන්නකම්වත් අඩුම ගානෙ ශීලය ආරක්ෂා කරනවනම්!!... අනික ඇයි ඒ බව දැන දැන ශාසනයට ඇතුළුවෙන්නෙ? ස්තුතියි අයියා අදහසට

      Delete
  5. ඔය වගේ සිද්ධි දැක්කම බෞද්ධයෙක් විදිහට වේදනාවක් ඇති වෙනවා තමා.. ඒ අය එහෙම හැසිරීමෙන් ලොකු පාපයක් කර ගන්නේ.
    අදමයි ආවේ මේ පැත්තේ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක ලොකු පාපයක් සහෝ..... මේව හවුල් වෙන අයත් මේ පාපයට අහුවෙනව..

      ආපහු මේ පැත්තට එන්න සහෝ... ස්තුතියි ආවට

      Delete
  6. මේ ලිපිය ඇත්තටම ලියපු එක හොඳයි.
    'හිකනලෙක් චප්ප කළාට..' - මේ ටිකට නම් කියන්න තියෙන්නේ ඔයාටත් මට වගේම තරහ යනවා ඇති කියලයි :)
    කොහොම උනත් හරි දේ හරි විදිහට තේරුම් අරන් ජිවත් වෙන්න ඕන..

    සහෝ ඔබට ජය!

    ReplyDelete
  7. lankawe mehema dewal ona tharam wenawa..mewa nathi karana widiya deiyoma thamai danne malli

    ReplyDelete
    Replies
    1. අහ්!! මම හිතන්නෙ මේ ළහිරු අයිය... ඔව් අයියේ ඒ ගොල්ලොත් දන්නැතුව ඇති සමහරවිට... ස්තුතියි

      Delete
  8. aththa thamai oya lila thiyenne mehema dewal wenna loku hethuwak thamai samaharu duppath nisa igena ganna pawadi wenawa dayakayonge mudal walin igena gena siuru arinawa ekath eka hethuwak anith eka thamai bawana karala hitha ekaga kara ganne nathi eka pawadiwenne bana bawana karan sanasime inna ratata wadak karanna kiyana eka dan hamuduruwaru danne na bududahama pirihenna me dewal predana hethu

    ReplyDelete

ඇවිල්ල නිකම්ම බලල යන්න එපා.අදහසකුත් දාල යන්න.මොකද ඔයාගෙ අදහස මට ගොඩක් වටීවි මගේ වැරදි තියෙනම් හදාගන්න.ඒ නැති වුනත් ඔයාගේ අදහස මගේ හිත සතුටු කරාවී.මගේ පෝස්ට් ගැන ඔයාලගේ අදහස් දැනගන්න මම ගොඩාක් කැමතියි!!

පොහොය දා ...

සුපිපි වන මල් පොකුරු අතරින් හිරු උදාවන පෝහෝ දා....... නිමල බුදු බණ අසනු බැතියෙන් සිතෙහි සරදම් ඉවතලා....... හදේ ඉපැදුනු අරුත...