Saturday, October 27

ගිනි අවි සහ ගිනි කෙළි

කොහොමද යාළුවනේ... මම කාලෙකින් මේ පැත්තට ආවේ.. ඔය අය මාත් එක්ක තරහද දන්නෙ නැහැ.. මොනව කරන්නද අනේ..මට මේ දවස් වල බ්ලොග් එකක් බලන්නවත් ඉඩ නැහැ.කොහොම උනත් මගේ බ්ලොග් යාළුවො කිහිප දෙනෙක්ම මගෙන් ඇහුව මොකද මේ පැත්තෙ එන්නෙ නෑ කියල.ඔන්න අද තමයි ආවේ.. අහ්! වැඩි කතා ඕන නැහැ. ආපු කාරණේ කියන්නම්.

ලංකාවෙ තියෙන්නෙ මෙච්චර කුරිරු සමාජයක් ද?
හරියට අර දෙමළ චිත්‍රපටියක් වගේ.

ගාල්ලෙ අය නම් දන්නව ඇති.. මේ ඊයෙ (2012/10/25) ගාල්ලෙ ඩික්සන් හන්දියෙ උන මිනී මැරුම ගැන. ඒක මිලේච්ඡ මිනී මැරුමක්.කපා කොටා ඝාතනය කීරීමක්. හොදම වැඩේ මේක උනේ මහ දවාලෙ, මහ පාරේ, මිනිස්සු ගොඩක් මැද්දෙ..  හිතා ගන්න පුළුවනි නේද මම කිව්ව වගේ දමිළ චිත්‍රපටි හිතට එනව නේද?
කෝ මේ රටේ නීතිය?
දෙයියනේ කෝ අර පොලීසිය?
එකෙක්වත් නෑ. මරපු තැන හන්දියක් තියෙන්නෙ.හැම නිතරම රථවාහන පොලීසියෙ මහත්තුරු දෙතුන් දෙනෙක් එතන ඉන්නව.රාජකාරිය වෙනස් උනාට ඒ ගොල්ලොත් වගකිව යුතු නිලධාරීන් නේද?(කොහෙම උනත් ඒ අය දන්නෙ මැරුණ මිනිහ වටේ එකතු වෙන කුතුහලයෙන් පිරිච්ච අසරණ මිනිස්සුන්ට සද්දෙ දාන්න විතරයි.)

ඒත්....... මැරුණ කෙනා ගැන වැඩක් නැහැ.නමුත් එයත් මිනිහෙක් නෙ.. 
කොහොම උනත් අවි ගත්තෝ අවියෙන්ම නැසෙති කියන කියමන සනාථ උනා. මේ කෙනා ගැන මුළු ගාල්ලම හොදාකාරවම දන්නව.මෙයත් එක්ක ගොඩක් මිනිස්සු වටේ ඉන්නව.ඒ වගේම හතුරොත් හිටිය වැඩිපුර.වැඩි විස්තර මෙතනින් බලන්න.මට කියන්න බැහැ. මිය ගිය කෙනා ගාල්ලෙ දංගෙදර පදිංචි අයෙක්. ඔව් ප්‍රසිද්ධ කෙනෙක්....................


වෛරයකි ඒ
සදාකල් නොවෙනස්
පළිගනිති මිනිසුන්
පිල් බෙදී මරමින්

අතට ගෙන කඩු කිණිසි
ඉණ ගසන් පිස්තෝල
පාතාලයේ සාමාජය
වල් වැදෙයි ලේ රසට


අඹු දරුවන් ගැන මෙත් සිතින්
අන් දරුවන් ගැන රළු සිතින්
මිනී මරණ උන් දැඩි සිතින්
දාන මාන දෙයි බී මතින්.....






වෛරයෙන් වෛරය නොසංසි‍‍දේ
අවෛරයෙන් වෛරය සංසිදේ
උතුම් බුදු දෙසුම නොපිළිපැදි උන්
මැරි මැරී ඉපදෙති පවුකාරයන්.....

උතුම් ඒ බණ අසන මෙවුන්
නොකර ඒ ගැන පිළිගැනුම්
සල්ලි පස්සෙම දුවගිහින්
හති වැටී බිම ලිස්සමින්.....

හතර රියන දෝ හය රියනක් දෝ
අසිපත දෝ රිවෝල්ව්වරයක් දෝ
චණ්ඩියෙක් දෝ පිංපියෙක් දෝ
මරණයක් දෝ කරුමයක් දෝ!!!!


සියළු චණ්ඩින්ට ආදර්ශයක්ම වේවා!! මෙය.. 




NVScreations

10 comments:

  1. අනේ බෞද්ධ රටට ගිය කල..

    ReplyDelete
  2. අවි ගත්තෝ අවියෙන්ම නසීලු...

    ReplyDelete
    Replies
    1. අකාලයේ ආයුෂ ඉවර වෙන......... චණ්ඩි

      Delete
  3. ඔය කොයි චන්ඩියත් අන්තිමේදී මැරෙන්නේ තිරිසනෙක් විදිහට තමා

    ReplyDelete
    Replies
    1. ඔව් මේ මිනිහ මහපාරෙ කපල දැම්මෙ බල්ලෙක් වගේ......

      Delete
  4. දෙයක් හිතන්න තියෙන පෝස්ට් එකක්..ජයම වේවා!

    ReplyDelete
    Replies
    1. හ්ම්!! අපි හිත හිත ඉන්න එක කරන්නෙ..අපිට මේව නවත්තන්න ශක්තියක් නැති හැටි....

      Delete
  5. එපා වෙනවා ඈ ලංකාව...

    ReplyDelete
    Replies
    1. තරිදු ! ඇත්තටම මේක තමා ඇත්ත.. උන් දෙගොල්ලො පිල් බෙදිල කපා කොටා ගන්නව.. ඒකට අහිංසක මිනිස්සු පළිද බං..මම ත් මේක හෙළා දකිනව... මුන් උපතින්ම මැරයෝ

      Delete

ඇවිල්ල නිකම්ම බලල යන්න එපා.අදහසකුත් දාල යන්න.මොකද ඔයාගෙ අදහස මට ගොඩක් වටීවි මගේ වැරදි තියෙනම් හදාගන්න.ඒ නැති වුනත් ඔයාගේ අදහස මගේ හිත සතුටු කරාවී.මගේ පෝස්ට් ගැන ඔයාලගේ අදහස් දැනගන්න මම ගොඩාක් කැමතියි!!

පොහොය දා ...

සුපිපි වන මල් පොකුරු අතරින් හිරු උදාවන පෝහෝ දා....... නිමල බුදු බණ අසනු බැතියෙන් සිතෙහි සරදම් ඉවතලා....... හදේ ඉපැදුනු අරුත...