Friday, September 16

පොහොය දා ...

සුපිපි වන මල්
පොකුරු අතරින්
හිරු උදාවන
පෝහෝ දා.......

නිමල බුදු බණ
අසනු බැතියෙන්
සිතෙහි සරදම්
ඉවතලා.......

හදේ ඉපැදුනු
අරුත්බර මෙත්
මහා කරුණා
පතුරනා....

අඩවන් දෑසක
කරුණා මහිමය
බැතිමතුන් වෙත
එක හෙලා.....

සසර වසනා
තුරු සදාකල්
වඳිමු බැතියෙන්
ගෞතම මුණිදා...

නමෝ තස්ස භගවා කියා
වඳිමු බැතිපෙම් උපදවා .

මලානික තරු එළිය අතරින්
සුපුෂ්පිත වන චන්ද්‍රයා...
හිඳී පෙර මඟ බලා
බුදු රදුන් දෙසු දම් අසා.

සේපාලිකා මල්
වට්ටියක් මෙනි
වඳින බැතිමත්
පිරුණු පන්සල
අගේ ඇති සුදු නෙළුම වාගේ
සඳ කැන් තැවරුණු
ධවල දාගැබ
පොහොය දා ....

සියලු සතුනට
මෙත්  වඩා කිව්
බුදු බණ පදයට
හිස නමා......

අපිත් නමඳිමු
සියලු පවු සිඳ
උතුම් මුණිදා
එක සිතින්....



Friday, July 26

නරියා හා වල්ගය.

 හ්ම්!!! කාලෙකින් මේ පැත්තෙ ආවෙ...... අද කියන්න ආවේ පොඩි හරවත් කතාවක්...



  එක දිනක් කැලෑබද ගම්මානයක් කරා ආහාර හොයාගෙන ගිය නරියෙක් ගම්මු අටවපු උගුලකට අහු උනා. උගුලෙන් බේරෙන්න නරියා ගොඩකාරියක් මහන්සි උනා. අන්තිමේ උගුලෙන් මිදුණත් උගුලට හසු වූ වල්ගය මුලින්ම කැඩී ගියා.

      "අයියෝ මගේ වලිගය...... මේ වල්ගෙ නැතුව මම කොහොමද අනික් අය ළගට යන්නෙ. මගේ අවලස්සන ගැන අනික් අය විහිළු කර යි. "

දන්නවනේ ඉතින් නරි කොහොමත් කපටියි නෙව....

මූ කදිම උපායක් කල්පනා කළා.අන්තිමට උපායක් හොයා ගත්තු නරිය බොරු ආඩම්බරයක් මවා ගෙන අනික් අය ළගට ගියා.

" අයියෝ කෝ ඔබේ වලිගය. ඔයාගේ ලස්සන වලිගයට මොකද උනේ  ".. අනික් නරියො ප්‍රශ්ණ කළා.

"  පුහ්!!! ඒ රෙද්දෙන් මට ඇති වැඩක් නැහැ. මම වල්ගය අයින් කර ගත්ත. දැන් මට ඉස්සර වගේ කිසිම බයක් නැහැ. වල්ගය උස්සගෙන යන්නත් ඕනෙ නැහැ. මේ විදියට හිටියහම ආහාර හොයාගන්නත් ලේසි යි  ."  .

එසේ කියපු මේ වල් නරිය අන් අයටත් වලිගය කපා ගන්න උපදෙස් දුන්න.

ඔන්න එතකොටම තමයි මේ නරි රැලේ ඉන්න ටිකක් රැඩිකල් ඒත් සාම්ප්‍රදායික එළ නරියෙක් එලියට එන්නෙ. මූ ඇවිත් අනික් උන් ඉස්සරහ කියපි....

"  තෝ තොගෙ වල්ගෙ නැති කරගත්තට අපිට අපේ වලිග වටිනව යකෝ! අපිට ඒව නැති කරගන්න උවමනාවක් නැහැ.". 

 කියල.....



හා හා ළමයි කතාව ඉවර යි.......


මේ ලින්ක් එකත් බලන්න..
http://mirror.lk/sinhala/news/10621-dayasiri-joni-son


ලිව්වේ :- නිපුන සේනානායක

Sunday, October 28

ඇයි තාත්තෙ....? (32)




සැෑ අුර අතරින් පිය මනින              දුවේ
සියුමැලි අතින් වතුර අදින පුංචි           දුවේ
මොකද කියාපන් උ අද දුකින්          දුවේ
කුඩම්මාට ඹ වැඩිදැයි කියන්            දුවේ


වැරහැලි වතට සියුමැලි කම දුර          ඇතිය
නු‍‍බෙ ඔය හිනාවට මේ රැය පණ        නැතිය
කනේරු ඇට ගස පාමුල බිම              ඇතිය
සුදු දුව නාඩන්  දැන් මේ‍‍   අම්මා        නැතිය

රාස්සිගේ අව්වට උ ආසයි නේද              දුවේ
පැළඉණි වැට දළුලා ලා පුංචි                      දුවේ
පුංචි අම්ම ගෙට වැදුනට පසුව                   දුවේ
පැනල වරෙන් මා පසු පස විගස                දුවේ













NVScreations

Saturday, October 27

ගිනි අවි සහ ගිනි කෙළි

කොහොමද යාළුවනේ... මම කාලෙකින් මේ පැත්තට ආවේ.. ඔය අය මාත් එක්ක තරහද දන්නෙ නැහැ.. මොනව කරන්නද අනේ..මට මේ දවස් වල බ්ලොග් එකක් බලන්නවත් ඉඩ නැහැ.කොහොම උනත් මගේ බ්ලොග් යාළුවො කිහිප දෙනෙක්ම මගෙන් ඇහුව මොකද මේ පැත්තෙ එන්නෙ නෑ කියල.ඔන්න අද තමයි ආවේ.. අහ්! වැඩි කතා ඕන නැහැ. ආපු කාරණේ කියන්නම්.

ලංකාවෙ තියෙන්නෙ මෙච්චර කුරිරු සමාජයක් ද?
හරියට අර දෙමළ චිත්‍රපටියක් වගේ.

ගාල්ලෙ අය නම් දන්නව ඇති.. මේ ඊයෙ (2012/10/25) ගාල්ලෙ ඩික්සන් හන්දියෙ උන මිනී මැරුම ගැන. ඒක මිලේච්ඡ මිනී මැරුමක්.කපා කොටා ඝාතනය කීරීමක්. හොදම වැඩේ මේක උනේ මහ දවාලෙ, මහ පාරේ, මිනිස්සු ගොඩක් මැද්දෙ..  හිතා ගන්න පුළුවනි නේද මම කිව්ව වගේ දමිළ චිත්‍රපටි හිතට එනව නේද?
කෝ මේ රටේ නීතිය?
දෙයියනේ කෝ අර පොලීසිය?
එකෙක්වත් නෑ. මරපු තැන හන්දියක් තියෙන්නෙ.හැම නිතරම රථවාහන පොලීසියෙ මහත්තුරු දෙතුන් දෙනෙක් එතන ඉන්නව.රාජකාරිය වෙනස් උනාට ඒ ගොල්ලොත් වගකිව යුතු නිලධාරීන් නේද?(කොහෙම උනත් ඒ අය දන්නෙ මැරුණ මිනිහ වටේ එකතු වෙන කුතුහලයෙන් පිරිච්ච අසරණ මිනිස්සුන්ට සද්දෙ දාන්න විතරයි.)

ඒත්....... මැරුණ කෙනා ගැන වැඩක් නැහැ.නමුත් එයත් මිනිහෙක් නෙ.. 
කොහොම උනත් අවි ගත්තෝ අවියෙන්ම නැසෙති කියන කියමන සනාථ උනා. මේ කෙනා ගැන මුළු ගාල්ලම හොදාකාරවම දන්නව.මෙයත් එක්ක ගොඩක් මිනිස්සු වටේ ඉන්නව.ඒ වගේම හතුරොත් හිටිය වැඩිපුර.වැඩි විස්තර මෙතනින් බලන්න.මට කියන්න බැහැ. මිය ගිය කෙනා ගාල්ලෙ දංගෙදර පදිංචි අයෙක්. ඔව් ප්‍රසිද්ධ කෙනෙක්....................


වෛරයකි ඒ
සදාකල් නොවෙනස්
පළිගනිති මිනිසුන්
පිල් බෙදී මරමින්

අතට ගෙන කඩු කිණිසි
ඉණ ගසන් පිස්තෝල
පාතාලයේ සාමාජය
වල් වැදෙයි ලේ රසට


අඹු දරුවන් ගැන මෙත් සිතින්
අන් දරුවන් ගැන රළු සිතින්
මිනී මරණ උන් දැඩි සිතින්
දාන මාන දෙයි බී මතින්.....






වෛරයෙන් වෛරය නොසංසි‍‍දේ
අවෛරයෙන් වෛරය සංසිදේ
උතුම් බුදු දෙසුම නොපිළිපැදි උන්
මැරි මැරී ඉපදෙති පවුකාරයන්.....

උතුම් ඒ බණ අසන මෙවුන්
නොකර ඒ ගැන පිළිගැනුම්
සල්ලි පස්සෙම දුවගිහින්
හති වැටී බිම ලිස්සමින්.....

හතර රියන දෝ හය රියනක් දෝ
අසිපත දෝ රිවෝල්ව්වරයක් දෝ
චණ්ඩියෙක් දෝ පිංපියෙක් දෝ
මරණයක් දෝ කරුමයක් දෝ!!!!


සියළු චණ්ඩින්ට ආදර්ශයක්ම වේවා!! මෙය.. 




NVScreations

Sunday, September 16

එක් සත්‍ය කථාවක්...



සියලු දෙනාගෙන් අවසරයි!!


  කියන්නට යන්නේ ආශ්චර්‍යවත් ශ්‍රී ලංකාවේ බහුතරයකට නෙලැබුණු නමුත් අපිට ලැබුණු එක් උත්තරීතර නම්බු නාමයක් ගැනයි.
                                   

 අතීත කතාව.....

.
    වර්ෂ 2010 ක් වූ අගෝස්තු මස මැද බාගයේ (දවසක් මතක නෑ.අමතක කළා) එක් සුන්දර උදෑසනක කදුරුදූවේ අපගේ නිවස.....

    "මයේ පුතාට තුනුරුවන් සරණයි"

කිරිබත් කැබැල්ලක් මගේ කටට දැමූ ඈ කිව් වචන නම් මට තාමත් මතකයි.මුහුණ පුරා සිනහව රදවා මගේ මුළු මුහුණම සිපගත් ඈ මාගේ අම්මා ය.ඒ සුන්දර උදෑසනේ එක් ගමනක් යාමටයි ලැහැස්තිය.

  "විභාගෙ හොදට ලියපන්.අනුන්ගෙන් බලන්නෙ එහෙම නෑ.හ්ම් හ්ම් බුදු සරණයි!!" 

ඔය තාත්තා ය.ඒ සුමිහිරි වදන් පෙළ පිටවූයේ මා ඔහුට නමස්කාර කළ පසු ය. 
විභාගයට යන අතර මගදී මා කළේ පෝන් එකෙන් NFS ගැසීම ය.අහ් මම මේ යන්නෙ උ/පෙ පළවෙනි පාර ලියන්න.මේක ඉතින් පළවෙනි පාර වැඩි දෙනා කරන්නෙ ජොලියට නෙව.මාත් උන්ගෙන් එකෙක්.
කොහොම හරි ඉතින් මාත් ගිහින් දන්න විදියට සේරම ලියල ගෙදර එනව.

  "කොහොමද පුතේ විභාගෙ ලේසිද?"

 "අපෝ අමාරුයි අම්මෙ."

 "හ්ම් හ්ම් හැමදාම ඉතින් ඔය බණේ තමා.මම අල්ල ගන්නම්කෝ"

විභාගයත් ලිව්වේ ය. ඇති වැඩකුත් නැත.ඊට පස්සෙ දැහැමෙන් සෙමෙන් කාලයක් ගෙවුණි.

.............................FOUR MONTHS LATER............................

රත් වුණ දවසක් හිටි හැටියේම.  ් දමලා ය. වාව්!! දැක්ක ගමන් ප්‍රතිඵලය, මට මතක් උනේ වාව්!!
කොමසාරිස් මාම මාව ස(ර්)ප්රයිස් කරල. මට B තුනක්ම දීල. ලස්සන ලයිට් කණුවකුත් එක්ක.කලා අංශයෙන් විභාගෙ කොළේ. සිංහල , තර්ක ශාස්ත්‍රය , දේශපාලන විද්‍යාව. ලයිට් කණුව ගැන නම් ඉතින් අහන්න එපා.ඔන්න පළවෙනි පාර මම දිස්ත්‍රික්කෙන් 1311 හරි සතුටුයි මට. තටිල් මාමාගෙ පැත්තෙන් 0.9 ක් ද කොහේ.අපේ පංතියේ හිටිය නීති විද්‍යාලෙට තේරුණ අයත්. උන් උඩ පනිනව.ඒ වූණාට මට උන්ට වඩා හැපි.ඔන්න කොල්ලට උ/පෙ බොක්කට වැදුනා.

                                                  

පළවෙනි පාර ආතල් එකට කරල "බී" තුනක්. කික් එකක් ආව හද පතුලෙන්ම.බැස්ස බොක්කෙන්ම දෙවෙනි සැරෙ නීති විද්‍යාලෙ ගොහින් පස්ස බලනව කියල.අහ් අපේ අම්ම ඉතින් හාවක් හූවක් නැහැ.කොල්ල අම්ම හිතුවට වඩා අරගෙන තිබුණනේ.

තාමත් මේ දිවයන්නෙ අතීත කතාව තමයි.
නමුත් ්.

සංවිධායක භවතුන්ගෙ පණිවිඩ කිහිපයකට මොහොතක් ප්‍රධාන පාලක මැදිරියට..

අනුරපාල හෙට්ටිගේ.රිච්මන්ඩ් එකේ තර්කශාස්ත්‍රය කළේ.ඔළුවෙ ඉදන් කකුල් දෙකට යනකම් තර්කය.

                       " ළමායි අපි සංවාක්‍ය තර්කයක් අරන් බලමු.."

             "                    සියලු මිනිසුන් මැරෙන සුළුය
                                  ඇරිස්ටොටල් මිනිසෙකි.
                 එමනිසා     ඇරිස්ටෝටල් මැරෙනසුළුය."

කටේ තියෙන්නෙම ඔය වගේ තර්කම තම යි.ඇත්තම කිවුවොත් ඉහින් කනින් ලොජික් බේරෙනව.

මේ ඉන්නෙ මගේ ලොජික් සර්.අනුරපාල හෙට්ටිගේ


ඇත්තම කියනවනම් මේ පෞද්ගලික පංතියෙදි.... ඒ පංතියට ආවෙ ළමයි විසිදෙක යි. ඒ අයගෙන් දාහතකට ම A සාමාර්ථ.හැමදාම සර් හිටියෙ අපි එක්ක.ඒකයි ළමයින්ට හරිගියේ.
ඒත් මට මේ සර් ට අමතරව තව ගුරෙක් හිටියා.ඌ, අපි පළවෙනි පාර ලියනකොට දෙවෙනි පාර ලියන්න පංතියට ආව.නම සුපුන් (රොබා) මගේ සහෝදරය (වගේ) එයත් මට ලොජික් කියල දුන්න.නෑ ඌ මට පෙව්ව.සමහර දවසට උදේ තුනත් පහුවෙනකම් ඌ අපි දෙන්නෙකුට(මම යි, වේදිස යි) ලොජික් පෙව්ව.ඒකෙන් තමයි අපි දෙවෙනි පාර ගොඩගියේ.

සුසිත පතිරණ.. සිංහල කළේ.මේ සර් නම් රිච්මන්ඩ් නෙවෙයි.පොල්පගොඩ ඉස්කොලෙ.පොඩි ඉස්කොලයක්.හැබැයි මිනිහ ලොකු යි. සර් සිංහල ඉගෙන ගෙන තියෙන්නෙ සංස්කෘත යි පාලි යි ඉගෙන ගත්තට පස්සෙ.සිංහල ඉතින් වතුර වගේ.
(කට්ටියට හිනා ගියාද?සිංහල කථා කලාට සිංහල තව ගොඩක් දේ තියෙනව.)
අපිට ජීවිතය හදාගන්න වැඩිහරියක් ඔවදන් දුන්නෙ මේ සර් තමයි. ඒ පංතිය අපේ රංග මඩුවක් උනා.රසාස්වාදය,විචාරය,ව්‍යාකරණ,රචනා.පට්ට ඈ.සැළළිහිණිය, රාහුල හාමුදුරුවො අපිත් එක්ක තර්ක කරන තරමටම රසාස්වාද ලිව්ව.අපේ සර් ගහනව අඩුයි.බැනුම් තමයි. ඒවත් ඉතින් අහන් ඉන්න බැහැ.ශුද්ධ සිංහලම තමා.පංතියට පරක්කුවෙල එන ගැණු ළමයින්ට බනිනව.උන් ආයෙත් පරක්කුවුණේ නෑ කවදාවත්.ඒත් අපේ කොල්ලො කෙල්ලො පංතියේ හිටියෙ එකා වගේ.සර් කියන එව්වට බඩ පැලිල වමනෙ යනකම්ම කට්ටිය හිනා වෙවී නෝන්ඩි දානව.ඒත් පස්සෙ ඒව අමතක කරල දානව.ඒක තමයි අපිට සර් ඉගැන්නුවෙ.අපි ඒකාට එකා බෙක්කෙන්මයි හිටියෙ.ඒ තමයි මගේ අනිත් දෙවියො.

මේ ඉන්නෙ සුසිත පතිරණ සර්.මගේ සිංහල සර්



ධනංජය විතානගේ.රිච්මන්ඩි එකේ දේශපාලන විද්‍යාව ආචාර්‍යය.සිරා මොළයක්.පොඩ්ඩක් පොඩි යි.ඒත් දැනුම අතින් විශාල යි.මට පොඩඩ්ඩක් බෝරිං සබ්ජක්ට් එකක් උනාට සර් කියල දෙන කොට අහගෙන ඉන්න ආස යි.අපි ගොඩක් දේවල් පංතියේදී කතාකරනව.නූතන දේශපාලනය,නූතන ඇමති මණ්ඩලය,ලංකාවේ ඉරණම, යුද්ධය,මර්වින් සිල්ව,අනර්කලී මේ හැම දෙයක් ගැනම.පංතිය නිකන් පාර්ලිමේන්තුව වගේ.කොයිවෙලේ බැලුවත් සද්දෙ.ඉස්කොලෙත් එහෙමයි.පෞද්ගලික පංතියෙත් එහෙමයි.සර් ගෙ නෝට් එකේ දිග.පාඩමේ හැම දෙයක්ම නෝට් එකේ.ඒක සම්පූර්ණ පාඩම් කළා නම් අපි කොහොමත් ගොඩ.එතුම යතාර්ථවාදී ලෙස දේශපාලනය කතාකරන සුපිරි චින්තකයෙක්.

මේ ඉන්නෙ එතුම තමයි.ධනංජය විතානගේ.මගේ දේ.වි. සර්




නැවතත් මම ඔබත් සමග එක් වෙනව

අපි කොහෙද හිටියෙ.... ආ ඔව්. ඉතින් මට දැන් උ/පෙ බොක්කට වැදුනනේ.ඔන්න මම ප්‍රතිපල දැකපුදවසෙ ඉදල පාඩම් කළා. නැතිවෙන්න.ඔහොම පාඩම් කරල(අර උඩ ඇඩ් වල කිව්වෙ ඒ විදියට)ලොජික් පාස් පේපර්ස් කළා.සිංහල පොලිටිකල් හැම එකක්ම කළා.ඒත් ලකුණු පොඩ්ඩක් මදි වුනේ පොලිටිකල් වලට.මොනව කරන්නද මම උත්සහ කළා.

කොල්ල දැන් විභාගෙට ලේස්තියි.
                      







ආගම දහම සිහිකරන් අම්මට තාත්තට වැදල එදා වගේ අගෝස්තු මාසේ (ඔව් 2011) එක් සුන්දර උදෑසනක කප්පරක් බලාපොරොත්තු පොදි බැදගෙන ගියා ලියන්න උ/පෙ. පාඩම් කළා වගේ දුන්න ඇට්ටි හැපෙන්න.ඒත් දේශපාලනේ ලියනකොට මට මොකක් ද උනා.දෙයියනේ මට අත්‍යවශ්‍යය දිනයන් හා වර්ෂයන් පටලැවුන.කාට කියන්නද? මොනවකරන්නද. ඉස්සෙල්ලම හිතට එන ඒව ලිව්ව.වැඩිපුර හිතුවොත් ටැපලෙන නිසා.කොහොමින් කොහොම හරි විභාගෙ ලිව්ව.වෙනදට වඩා හරිම සතුටක් ආව.

සැදී පැහැදී ප්‍රතිපල( ්) පැමිණෙන තුරු බලන් හිටියා.අහ් අළුත් වැඩක්. මාසෙන් ප්‍රතිපල දෙන්න ආඩම්බරකාර තාත්තා ප්‍රමුඛ ඔහුගේ සුවච කීකරු ගෝලයන් බල්ලන් හා සමාගම තීරණය කරල.මරු වැඩේ ඈ ඇඩෙනව.අපිත් ඉතින් බලාන හිටිය ් එනකන්.

වර්ථමාණ කතාව


ඔන්න දවස ආව.හරියටම දෙසැම්බර් 24 මධ්‍යම රාත්‍රියේ..කොමා මාමා ගේ පණිවිඩයෙන් පසු.බැලුවෙමි දැක්කෙමි. ්. ලස්සනයි.
A දෙකකුයි  C එකකුයි    වටකුරු S එකකුයි
හපෝයි.. පොලිටිකල් C. අවුලක් නෑ... කොල්ල දිස්ත්‍රික්කෙන් 366... ඉසෙඩ් එක 1.4 කොල්ලට රජ මගුල්.

අයියෝ මොකක් ද වැරදිලා ලු.උදේ කියනව එහෙම.අයියෝ!!ආයෙත් හදනවාලු. මේ සේරම අලුත් සිලබස් හින්දනේ.. හයියෝ මාගෙ හීනේ..

ඔන්න හදල ආව... ්... ලස්සනයි ඒ පාර කොල්ල දිස්ත්‍රික්කෙන් 556... ඉසෙඩ් එක එහෙමම යි...

දවස් කිහිපයකට පසු......

සමහරුන්ට අසාධාරණ යි. සිසුන් නඩු මගට.. අයියෝ මේ මොකද වෙන්නේ...... නඩුවෙ තීන්දුව දෙනකන්.. විද්‍යපීඨ ඇප්ලිකේෂන් එකත් පුරවන් ් එනකන් තුන්වෙනි සැරේටත් බලන් සිටිමින්... හූල්ලමින්..


ආවා ආවා වා
   
ලොල් ය පී ය... කොල්ලට කෙලවිලා ය. දිස්ත්‍රික්කෙන් 1067 ය. කොල්ලට ඉසෙඩ් එක කොකං පාලා ය. ඒ මගුල 1.0 වෙලා ය.අයියෝ!!
 හිත හදාගත්තෙමි. තවමත් තැන තැන කසුකුසු ය. මගේ සිහින බොදවී ගොසින් ය. දැන්ම STF SI කාල වරෙන් කියල.

අයියෝ මෙන්න තව නඩුවක්.. තව තීන්දුවක්.. පරණ අළුත් වෙන වෙනම හදලලු..... අයියෝ ආයේත්!!! 

පහුගිය දවසක ආයෙත් ගියා කෙහෙල්මල් වෙබ් පිටුවට.. දෙයියනේ මේ මොකද වෙලා තියෙන්නෙ..

ජයග්‍රාහී හතරවන ප්‍රතිඵලය

 ඔය පේජ් එකේ උඩින්ම සිරික්කිය දාන කෙල්ලන් නොවේනම් මගේ මොනිටරය මෙලහකට කුඩු පට්ටම් වී අපේ කුණු ගොඩේ ය.


කෙසේ වෙතත් බණ්ඩේ මාමාගේ ගොන් වැඩ වලින් අපිට නම්බු නාමයක් ලැබී අවසන් ය.

 අප උසස් පෙළ ප්‍රතිඵල හතරක හිමිකරවෝ ය. 

එය මට අස්වැසිල්ලකි. මොනව නැතත් අප ඉතිහාස ගතවන සිසුන් පිරිසක් ය.එදා මෙදා තුර ශ්‍රී ලංකා විභාග ඉතිහාසයේ නොමැකෙන සංධිස්ථානයක් ය.ඇත්තටම කැම්පස් ඩිග්‍රීයකට වඩා මට මෙම නම්බු නාමය උතුම් ය.මන්ද එය මට හා මෙම නම්බු නාමය හිමිවූ මාගේ සහොදර සහෝදරියන්ට ලැබුනේ බොහෝ දුෂ්කර වූ කටුක වූ බාධාවන් මැද ය.




NVScreations

Thursday, September 13

බුදු දහම පිරිහිලා ද?

 අද සිද්ධියක් උනා.දාන්න ද නොදා ඉන්න ද කියල හිතුව.ඒත් ඇත්ත දැනගෙන ඇයි දන් නෑ වගේ ඉන්නෙ.



 හාමුදුරු නමක් (මොන පැත්තෙ ද කවුද කියල අහන්න එපා ) ස්ටෑන්ඩ් එකේ . බර කතාවක්. කාත් එක්කද? කියන්න කණගාටුයි පෙම්වතියත් එක්ක.මම දන්නෙ කොහොම ද...  සත්තයි! දිවුරනව මගේ කන් දෙකටම ඇහුණ. 
    " පැටියෝ exam කරල ඉවර උනාට පස්සෙ මම සිවුරු අරිනව "

 මේ කතාව! දෙයියනේ මේක විශ්වාස කරන්න පුළුවන් ද?? බුදු දහමටවත් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාටවත් අගෞරව කිරීමට සිතා ගෙන නෙවෙයි මම මේක ලියන්නෙ.ඒත් මමත් බෞද්ධයෙක්.මට මේව බලන් කටවහගෙන ඉන්න බැහැ. දන්නව මට ඒ වෙලාවෙ හිතුණ දේ... මගේ උත්තම බුදුන් වහන්සේ ගේ සිවුර නැතනම්...... එහෙම වුණා නම් අද මම පොලීසියේ. හිකනලෙක් චප්ප කළාට.. හිතකින් ලියන පෝස්ට් එකක් නෙවෙයි.ඔබ සියලු දෙනාගේ දැන ගැනීම පිණිස යි.

මදකට හිතන්න මේ හාමුදුරුවන්ට කතා කරපු ඒ තරුණිය කෙතරම් පාපකාරියක්ද කියල. බුද්ධ පුත්ත්‍රෙයක් බව දැන දැනම... කියන්න වචන නැහැ. මේකෙ වැරැද්ද තියෙන්නෙ කාගෙද.. කවුද දන්නෙ..

ඒ සිද්ධිය හිත ද්වේශ කරනකොට මට මතක් උනා ගුලි කරල දාපු තව සිද්ධියක්..

ඔව් ඒ පොසොන් පොහොය දවසක් 2012 පොසොන් පොහොය දවසෙ. මම ඇතුළු ප්‍රෙද්ශයේ තරුණයින් කිහිප දෙනෙක් වෙළ මැද බෝධිය කියල අපේ පැත්තෙ තියෙන බෝධියක බෝධි ආරකෂක මණ්ඩලය ලෙස කටයුතු කරනව.සුපුරුදු පරිදි ඒ පොහොයටත් පන්සලකින් තරුණ භික්ෂුවක් වැඩම කළා එම ස්ථානයට බුද්ධ පූජාව සහ ධර්ම දේශණයකට. රාත්‍රියේ බොහෝ සෙනගක් එම ස්ථානයට පැමිණීයා. ප්‍රෙදේශයේ ගැහැණු ළමයින් ගේ ද අඩුවක් නැතිව පැමිණිම වාර්ථා වුණා. බණ ඉවර කළ ඒ භික්ෂුව පන්සලට යන අතර මග (සමා වෙන්න මට වඩිනව කියල ලියවෙන්නේ නැහැ) 
  
 "මහත්තයෝ කවුද අර රෝසපාට ගවුමක් ඇදන් හිටපු කෑල්ල"

අපි තුන් දෙනෙක් වාහනේ ගියා.අපි අපේම මුහණු බලා ගත්ත මේ මොකක් ද ඇහුවෙ කියල. මෙච්චර වෙලා විස්තර කතා කර කර ආපු මගේ කට වැහුණ. ඒත් අපේ රියදුරු මහත්තය අපිට වඩා පොඩ්ඩක් වැඩුමල් අයිය කෙනෙක්.එයා දිගට කතාව ගෙනිච්චා. කියපු කතා වලට අපි දෙන්න ගෙ අතපය ලොක් වෙල තිබුනෙ.

"හාමුදුරුවනේ ඒ මේ ගමේ කෙනෙක් නෙවෙයි.එයාගෙ ආච්චි ඉන්නෙ මෙහේ.වැඩි විස්තරයක් නම් දන්නේ නෑ".

"ආ එහෙමද? පුලුවන්ද මට ඒ කෙල්ලගෙ නම්බර් එක හොයල දෙන්න".

"ට්‍රයි කරල බලන්නම් හාමුදුරුවනේ.. බැරි වෙන එකක් නැහැ".

"අනිවා හොයල දීපන් අයියා..  (හිටි ගමන් කතාවත් වෙනස් උනා)  මෙන්න මගේ නම්බර් එක"..

ඊට පස්සෙ එයා මාර ස්ටෝරියක් කියන්න ගත්ත පන්සලට ගිහිල්ලත් වාහනෙන් බහින්නෙ නැතුව කියවන්න ගත්ත..( මතක තිබුණු ටික විතරයි දෙබසට හැරෙව්වෙ.) තව කිවුව.. 

 "අපේ පන්සලේ ගොඩක් අයට කෑලි ඉන්නව.. නායක හාමුදුරුවො ඒ එකක්වත් දන් නෑ".

පස්සෙ දවස් කීපයක්ම මෙ චීවරධාරියාගෙන් කෝල්ස් ආව..ඒ ආවෙ අපේ බෝධි ආරක්ෂක කමිටුවෙ සභාපති තුමාට..නම හංසික.. දෙතුන් පාරක් කෝල් කළා.හැම පාරම මගේ යාළුව කතාව මග ඇරිය.ඒත් දිගටම කොල් කළා.. අන්තිමේ අපේ සභාපති තුමාගෙ සීමාව පැන්න.. @#$@#!$$%^$^%$&^#%$%@ වචන වගයක් ඇහුන. පස්සෙ නම් කෝල් ආවේ නැහැ.ඒ චීවරධාරිය කියල,
"මම ලබන පෝයට කවි බණක් කියන්නම් කොහොම හරි අර කෑල්ල ගෙ නම්බර් එක දීපන්"
කියල

   දන්නෙ නෑ ඒ සිද්ධිය මම ඇයි වැඩිය ගනන් ගත්තෙ නැත්තෙ කියල.කවුද දන්නෙ පන්සලේ අනික් ස්වාමීන් වහන්සේලා බිල්ලට දීල මෙයාගේ ආශාවන් අපිට ඔප්පු කරනව ද කියල.සමහර විට පස්සෙ මට එහෙම හිතුණ නිසා වෙන්න ඇති.


 ඒක නෙවෙයි, මගේ  දැක්ම මෙතැන ඉදන්.... 


ඉහත සිද්ධි දෙකෙන්ම පේන්නෙ බුදු දහම පිරිහිලා කියලද නෑ.බුදු දහම පිරිහිල නැහැ.පිරිහිල තියෙන්නෙ සමාජය යි.බුදුන් වහන්සේ දේශනා කළේ මොකක් ද
 " කිසියම් කෙනෙකුගේ බල කිරීම් මත මාගේ ධර්මය පිළි නොගන්න.එය නිවැරදිව විග්‍රහ කොට බලා සත්‍යය එය නම් පිළිගන්න" 

සරලව කිවුවොත් ඕක නේද උන් වහන්සෙ දේශනා කළේ. දැන් මොකක ද වෙලා තියෙන්නෙ උපතින්ම බුද්ධාගම් කාරයො උන පළියට බුදු දහම ගැන හරියට නොදැන මහණ දම් පුරන්න යනව.ඒ දෙමාපියන්ගෙ අගහිගකම් මත,යමෙකුගේ බලකිරීම් මත,සමහරුන්ට කන්න නැතිවුණාම, ආදි ලෙස විවිධ අයුරින් මහණ දම් පුරන්න එනව.මොකද බුදු දහම විවෘත දහමක්.ගොඩක් අය මහණ වෙන්නෙ කුඩා කාලෙදී.ඔවුන් වයසින් වැඩෙත්ම තමන් රකින මහණ කම අමතක වෙනව.ඒක සිදුවන්නෙ අද කාලෙ හැටියට.මොකද අද තාක්ෂණය දියුණුයි.හැම කෙනාගෙම අතේ ජංගම දුරකථන.ස්වාමීන් වහන්සේලාටත් මේව පැතිරෙනව.ඔවුන් අතෙත් ජංගම දුරකථන.මම කියන්නෙ නෑ ඒක අනවශ්‍ය යි කියල. අද ලොකයේ දියුණුවත් එක්ක බහුතරයක් ස්වාමීන් වහන්සේලා කාර්‍යය බහුල වෙලා.ඔවුන්ට දුරකතනය නැතුවම බැරි වෙලා.ඒත් ඉගෙන ගන්න ස්වාමීන් වහන්සේලාට, සාමාන්‍යෙයන් අපේ වයස් සීමාවේ ඉන්න ස්වාමීන් වහන්සේලා නිතර ගිහි අය ඇසුරු කරනව. උපකාරක පංති යනව.එතකොට ඔවුනට ගිහි අයත් සමග ගෙවන කාලය වැඩි වෙනව.

        නව යෞවුන් වියේ ඉන්න ස්වාමීන් වහන්සේලා ත් අපි වගේම හැගීම් දැනීම් තියෙන අය.මෙතෙන්දි වැරදි පාරට වැටෙන ස්වාමීන් වහන්සේලා වැඩිවෙනව.මොකද උන්වහන්සේලාටත් ඕන වෙනව අනික් කොල්ලන් වගේ කෙල්ලෙක් එක්ක මුකුළු කරන්න.චීවරය ඒකට බාධාවක් උනාට දුරකථනයක් තිබේ නම් එය පහසු වෙනව.මොකද කාටත් හොරෙන් සම්බන්ධතා ගොඩනගාගන්න පුළුවන් දුරකථනය මගින්.


    
   මේ සම්බන්ධතා නතර වන්නෙ එක්කො තමා වැඩසිටිය පන්සලට ත් ඒ නායක හාමුදුරුවන්ට ත් ඉතාම ලොකු කලු පැල්ලමක් ඉතුරු කරල.නැත්නම් අහිංසක ජීවිතයකින්.නමුත් තවත් ස්වාමීන් වහන්සේලා පිරිසක් ඉන්නව.වයසින් වැඩෙත්ම බුදු දහම පිළිබද දැනුම වැඩි වෙනව.බුදු දහම ගැන මනා අවබෝධයක් එනව.. ඔවුන් තමන්ගේ ශිලය පණ වගේ රකිනව..දැකල තියෙනව මේ වගේ හොරු අතරෙ ඒ වගේ උතුම් හාමුදුරුවො!! උන්නාන්සෙලාට මාගේ ප්‍රණාමය!!
    


             

ලංකාව කියන්නෙ ගෞතම බුද්ධ රාජ්‍යය යි. මේ උතුම් බුද්ධ රාජ්‍යය යේ බුද්ධ පුත්‍රෙයකුට දිය යුතු සියලුම ගෞරව බුහුමන් මගේ අතින් සිදු වෙයි.නමුත් මේ වගේ බුද්ධ ධර්මය කෙලසන භික්ෂුන් වහන්සේලාගෙන් බුදු දහම බේරා ගත යුතුයි.මම විශ්වාස කරන්නෙත් මගේ බුදුන් වහන්සේ පමණයි. මතකයි සමහරු තමන් මාර්ගපල ලබල කියල තැන තැන කියව කියව ගිය හැටි.මතකයි තවත් සමහරු මෛත්‍රී බුදුන් කියල බුදු දහම විකෘති කරපු හැටි.කෝ අද ඒ අය?? මම ඒ අයගෙ බණත් අහල තමයි කතා කරන්නෙ.විද්‍යාවට බොරු කරන්න බැරි වුණ එකම ආගම උනේ මගේ බුදු දහම විතරයි.

         




බුදු දහමට හෝ ස්වාමීන් වහන්සේලාට අ‍ගෞරවයක් කිරිමට මගේ සිතේ කිසිම චේතනාවක් නොතිබුණි.මාගේ පරමාර්ථය වූයේ ඇත්ත තත්වය මට වැටහෙන පරිදි ඉදිරිපත් කිරීමයි..

ඉහත මා උපුටා දැක්වූ සිද්ධී දෙක බොරුවක් නොවන බව මාගේ හෘද සාක්ෂිය සාක්කි දරනු ඇත.

         





 NVScreations

Sunday, September 9

මම දැකපු අසිරිය!! 2

මම කලින් දාපු මම දැකපු අසිරිය කියන පෝස්ට් එකේ දෙවෙනි කොටස තමයි ඔන්න අද දාන්න හදන්නෙ.මෙච්චර දවසක් ගියේ ටයිප් කොරන්න වෙලාවක් නොතිබුණ නිසා.(මූට මොන වැඩද) එහෙම නෙවෙයි පෝස්ට් එකක් දාන්න ඕන ඉතින් නිවී සැනසිල්ලෙ නේ නේද.ඒ පෝස්ට් එකට ගොඩක් අය අදහස් දාල තිබුණ..බොහොම ස්තුතියි යාළුවනේ..අද එතැන ඉදන්......................



                               කථා කරගත්තු විදියට ගමන් ආරම්භ කළේ හබරණ පාරේ.දෙයියෝ සාක්කි!. අපේ බාප්ප කිව්ව කතාව ඇත්ත.මෙන්න ඉන්නව අලියෙක් පාර අයිනෙ.කියන්න වචන නෑ.මගේ නම් කට ඇරුණ විතරයි.අපේ අම්මට නම් කෑ ගැහුණ.අපේ රියදුරු මහත්තය නම් හිමින් හිමින් ආවේ..60 ට විතර හි හී..අලිය දැක්ක විතරයි මිනිහ තියල ඇරිය නේද ලෑල්ලට.. මග යනකොට තව අලියෙක් හම්බු වුණා..එතකොට නම් බය ලිහිල්ල.අයි අරයා ලෑල්ලට පාගනවනේ.කොහොමින් කොහොමහරි විනාඩි 45 කින් විතර පොළොන්නරුවට ආව..
                                පස්සෙන්ද නැගිටින කොට පරක්කු වෙලා.ගමන් මහන්සිය නිසා කස්ටියට හොදට නින්ද ගිහිල්ල.ගමන පටන්ගන්න කොට හත ත් පහු වෙලා.මුලින්ම ගියේ පරාක්‍රම සමුද්‍රය පැත්තට.

පරාක්‍රම සමුද්‍රය

වැව් බැම්ම දිගේ වාහනේ හිමීට ඉස්සරහට ගියා.ඒත් ඒ වැව බාගෙට හිදිල. වැවේ ටිපර් රථ JCB වැඩකරනව දැකල අපේ මලය අහනව "අයියේ අර වැව මැදින් Highway හදනවද කියල(පොඩි එකා දෙක වසරෙ හොදේ).කොහොම උනත් වැවේ තැන් තැන් වල වතුර තිබුණ.ඒව ඇළ මාර්ග වලට හරවන්න තමයි මේ වාහන වල රාජකාරිය.ඔය ටික ඉතින් මම ඌට කියල දුන්න.
                                                       ඊට පස්සෙ ගියේ පරාක්‍රමබාහු රජතුමාගෙ ප්‍රතිමාව ගාවට.එතන ඉන්නව වෘත්තීමය පැහැදිලි කරන්නෙක්.අපි යන කොටත් එයා පරාක්‍රම ප්‍රතිමාව ගැන කරුණු පැහැදිලි කරමින් හිටියෙ.එයා ඉතින් ගොඩක් දේවල් මේ ප්‍රතිමාව ගැන කිව්ව.මෙම ප්‍රතිමාව රජතුමා වප් මගුලකට සහභාගී වෙන වෙලාවෙ දැකපු ආකාරයට වඩුවෙක් විසින් නෙලපු ප්‍රතිමාවක් කියල කිව්ව.අතේ තියෙන්නෙ වියගහක් ලු.සමහරු කියනව ඒක පොතක් කියලත්.ඔය මත දෙකම තියෙනව කිව්ව. කොහොම වුණත් එතුමාගේ පාණ්ඩිත්‍යය භාවය ත් එතුමා ගේ චාම් සරල ජීවිතයත් මේ ප්‍රතිමාවෙන් මොනවට කැපී පේනව.

පරාක්‍රම ප්‍රතිමාව

එතනම තියෙනව පරාක්‍රමබාහු රජතුමා ගෙ පොත්ගුල තිබුණ කියන ගොඩනැගිල්ලෙ නටඹුන්.අපි ඒ නටඹුන් තියෙන පැත්තට ගියා. එතන හරියට පන්සලක් තිබුන වගේ.ඉතා විශාල ගොඩනැගිලි කිහිපයක්ම තිබුණ.


මේක තමයි එතුමගෙ පොත්ගුල කියල කියන්නෙ!.කවාකාර ගොඩනැගිල්ලක්


මෙකට කියන්නෙ පොත්ගුල් විහාරය කියල.පොත්ගුල් විහාරය නැරඹූ අපි ආයෙත් වැව් බැම්ම දිගේ අනෙක් පසට ආව. බලන්න ගියේ දීප උයන.සිංහලෙන් කියන්නෙ ISLAND PARK අහ් ඔය යන්නෙ අපේ මලය.කියන දෙයක් අහන් නෑ දුවන එකමයි වැඩේ.

දීප උයන පිවිසුම
දීප උයනෙ තමයි බලන්න දෙවල් තිබුණෙ.එක රජවරු විනෝදාස් වාදය සදහ පාවිච්චි කළ උයනක්.අපේ අර leisure world එක වගේ.ඒක නිශ්ශංක මල්ල රජතුමාගෙ උයනක්.අවශ්‍ය සියලුම පහසුකම් මෙහි තිබුණ සලකුණු හතරවටින්ම පේනව.පරාක්‍රම සමුද්‍රෙයන් කෙළින්ම වතුර ගන්න සොරොව්ව, බිසෝකොටුව ආදී පැරණි හෙළ වාරි ශිල්පයේ දස්කම් කියාපාන තැන් ද ස්නානාගාර, ජලටැංකි, රංග ශාලා, විශ්‍රාම ශාලා ආදී සියලු දේ මෙහි නටඹුන් අතරින් අපිට මැවිල පෙනුන.ඉස්සර මෙ ඉසව්ව කොපමණ සශ්‍රීක ද කියල අපට හිතාගන්න බැරිවුණා.

පොකුණ

සොරොව්ව

බිසෝකොටුව

ස්නානාගාරය

ජල ටැංකිය

රංග ශාලාව

ශාලාවක්

අපේ අය (මමත් ඉන්නෙ)

අපේ අය උයන ඇතුලෙ ගොඩක් වෙලා හිටියා.ඒ තරමටම ඒ උයන සිත් ඇදගන්නා සුළුයි.ඊට පස්සෙ ගියා ගල් විහාරය බලන්න.ඒ පැත්තට යන පාර දෙපස ඇති විශාල නටඹුන් ප්‍රමාණය දැක්කම යි හිතුණෙ පොළොන්නරුව කියන්නෙ නටඹුන් නගරය කියල.බලන බලන හැම පැත්තෙම නටඹුන්.ඉතා විශාල ගොඩනැගිලි වල නටඹුන් සාමාන්‍යෙයන් මීටර් 500 ක් විතර ප්‍රමාණයක් ඊටත් වැඩි ඇති මයෙ හිතේ..මේවැය ඔක්කොම පොටෝ ගහන්න බැරිවුණ එක තමයි මගේ හිතේ අමාරුව.මං හිතා ගත්ත ආයෙත් දවසක මේ පැත්තට එනව කියල.අපි ගල් විහාරයට ගියා.පොත පතින් දැකල තිබුණට ඇස් දෙකෙන් දැක්කෙ එදා.






අපේ ඉපැරණි කලා කරුවන්ගෙ දකෂතාවය.. අගෙයි නේද?...මේ සිවුරෙහි ඇති රැලි වල සියුම් බව! මේව කොහොම කළාද කියල හිතාගන්න බෑ.මෙහි ඇති අනෙක් විශේෂත්වය තමයි.මෙ පිළිම සියල්ලම එකම ගලක නෙළා තිබීම.මැද පිළිමය තියල තියෙන්නෙ මේ විශාල කලු ගල ඇතුලට හාරල.ඒ කාලෙ මේව කරයි කියල විශ්වාස කරන්න පුළුවන් ද? අපේ මුතුන් මිත්තන්ගෙ දක්ෂකම්! ආඩම්බරයි අපිට.දන්නවනේ මේ පිළිම වලට වෙඩිතිබ්බ සුද්දගෙ කතාව.වෙඩි තියල විහාර භූමියෙන් පිට වෙන්න වු‍ණේ නෑ අලියෙක් ගලේ ගැහුව. 

අපි ඊට පස්සෙ ගියා රන් කොත් වෙහෙර ඇතුළු ගොඩක් නටඹුන් ස්ථාන දැකගන්න.පොළොන්නරුව අටදාගේ,වටදාගේ,හැටදාගේ ආදිය ත්.ඒවයෙ පොටෝස් යටින් දාල ඇති.මේව අපි ඇස් දෙකෙන් දැකගත්ත විතරයි.වැඩිපුර කරුණු ඉතින් දැනගන්න ඉතිහාස පොතක් ගත්ත.ඒකෙ තියෙන ඒව දාන්න ගියොත් හෙට එළිවෙයි.ඒ ගැන සමාව.



ප්‍රාසාදය

සෙල් ලිපිය

වටදාගෙය

හැටදාගෙය

වටදා ගෙය තුල බුද්ධ ප්‍රතිමාව


අටදාගෙය

ථූපාරාම විහාරගෙය

ළිද

රන්කොත් වෙහෙර

පොළොන්නරුව පුද බිමෙන් අපි ආවෙ පොඩ්ඩක් හවස් වෙලා.ඊළගට අපේ ගමනාන්තය තිබුණෙ නුවර දළදා මාළිගාව.කොහොමින් හරි 4.30 විතර වෙනකොට නුවරට එන්න හැකි වුණා. මම පළවෙනි පාරට දළදා මාළිගාවට ගියේ.ඇස් දෙකෙන්ම දැක්කෙ.පුදුමත් ඇති ඔය අයට නේද.


දළදා මාළිගාව රාජා ගේ නවාතැන(කෞතුකාගාරය) පැත්තෙන්


ගස් අතරින්...


අහ්! මේ ඉන්නෙ අපේ තාත්ත.හමුදාවෙ හිටියෙ.ඕමන්තෙදි බෝම්බයක් වැදිල ඇස් දෙකම පේන්නෙ නෑ.1987 .
ආඩම්බරයි කියන්න SF First Batch තාත්ති විතරයි ඒකෙන් බේරුනේ!!!!




අපේ නඩේ

අපේ මලයත් අයිතිවාසිකම් පෙන්නන් ඔන කිව්ව.මායි නංගිල දෙන්නයි
පැත්තක.මූ විතරක් එක්ක අම්මට යි තාත්තටයි පොටෝ එකක් ගහන්න කිව්ව නොවැ



.දැන්නම් ඉතින් දිගටම යාවී.බෞද්ධයන්ගේ මුදුන් මල් කඩ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැද පුදා ගෙන අපේ නඩේ නිවෙස් බලා යන්න ගමන් ආරම්භ කළා... ගෙදර ගාල්ලෙ කදුරුදූව කියන සුන්දර ගමේ.ගාල්ලට එනකොට උදේ එකත් පහු වෙලා.දිග ගමනක්.. හරිම මහන්සි නිසා එදා  දවල් වෙනකම් නිදා ගෙන පෝස්ට් එක ලියන්න ගත්තෙ. ඔන්න අද තමයි ඔක්කොම පබ්ලිෂ් කොළේ.(don't mind ආ )



ආයෙත් හමුවෙමු..... ඔයාලට ජය!!!!


NVScreations

පොහොය දා ...

සුපිපි වන මල් පොකුරු අතරින් හිරු උදාවන පෝහෝ දා....... නිමල බුදු බණ අසනු බැතියෙන් සිතෙහි සරදම් ඉවතලා....... හදේ ඉපැදුනු අරුත...