Sunday, September 9

මම දැකපු අසිරිය!! 2

මම කලින් දාපු මම දැකපු අසිරිය කියන පෝස්ට් එකේ දෙවෙනි කොටස තමයි ඔන්න අද දාන්න හදන්නෙ.මෙච්චර දවසක් ගියේ ටයිප් කොරන්න වෙලාවක් නොතිබුණ නිසා.(මූට මොන වැඩද) එහෙම නෙවෙයි පෝස්ට් එකක් දාන්න ඕන ඉතින් නිවී සැනසිල්ලෙ නේ නේද.ඒ පෝස්ට් එකට ගොඩක් අය අදහස් දාල තිබුණ..බොහොම ස්තුතියි යාළුවනේ..අද එතැන ඉදන්......................



                               කථා කරගත්තු විදියට ගමන් ආරම්භ කළේ හබරණ පාරේ.දෙයියෝ සාක්කි!. අපේ බාප්ප කිව්ව කතාව ඇත්ත.මෙන්න ඉන්නව අලියෙක් පාර අයිනෙ.කියන්න වචන නෑ.මගේ නම් කට ඇරුණ විතරයි.අපේ අම්මට නම් කෑ ගැහුණ.අපේ රියදුරු මහත්තය නම් හිමින් හිමින් ආවේ..60 ට විතර හි හී..අලිය දැක්ක විතරයි මිනිහ තියල ඇරිය නේද ලෑල්ලට.. මග යනකොට තව අලියෙක් හම්බු වුණා..එතකොට නම් බය ලිහිල්ල.අයි අරයා ලෑල්ලට පාගනවනේ.කොහොමින් කොහොමහරි විනාඩි 45 කින් විතර පොළොන්නරුවට ආව..
                                පස්සෙන්ද නැගිටින කොට පරක්කු වෙලා.ගමන් මහන්සිය නිසා කස්ටියට හොදට නින්ද ගිහිල්ල.ගමන පටන්ගන්න කොට හත ත් පහු වෙලා.මුලින්ම ගියේ පරාක්‍රම සමුද්‍රය පැත්තට.

පරාක්‍රම සමුද්‍රය

වැව් බැම්ම දිගේ වාහනේ හිමීට ඉස්සරහට ගියා.ඒත් ඒ වැව බාගෙට හිදිල. වැවේ ටිපර් රථ JCB වැඩකරනව දැකල අපේ මලය අහනව "අයියේ අර වැව මැදින් Highway හදනවද කියල(පොඩි එකා දෙක වසරෙ හොදේ).කොහොම උනත් වැවේ තැන් තැන් වල වතුර තිබුණ.ඒව ඇළ මාර්ග වලට හරවන්න තමයි මේ වාහන වල රාජකාරිය.ඔය ටික ඉතින් මම ඌට කියල දුන්න.
                                                       ඊට පස්සෙ ගියේ පරාක්‍රමබාහු රජතුමාගෙ ප්‍රතිමාව ගාවට.එතන ඉන්නව වෘත්තීමය පැහැදිලි කරන්නෙක්.අපි යන කොටත් එයා පරාක්‍රම ප්‍රතිමාව ගැන කරුණු පැහැදිලි කරමින් හිටියෙ.එයා ඉතින් ගොඩක් දේවල් මේ ප්‍රතිමාව ගැන කිව්ව.මෙම ප්‍රතිමාව රජතුමා වප් මගුලකට සහභාගී වෙන වෙලාවෙ දැකපු ආකාරයට වඩුවෙක් විසින් නෙලපු ප්‍රතිමාවක් කියල කිව්ව.අතේ තියෙන්නෙ වියගහක් ලු.සමහරු කියනව ඒක පොතක් කියලත්.ඔය මත දෙකම තියෙනව කිව්ව. කොහොම වුණත් එතුමාගේ පාණ්ඩිත්‍යය භාවය ත් එතුමා ගේ චාම් සරල ජීවිතයත් මේ ප්‍රතිමාවෙන් මොනවට කැපී පේනව.

පරාක්‍රම ප්‍රතිමාව

එතනම තියෙනව පරාක්‍රමබාහු රජතුමා ගෙ පොත්ගුල තිබුණ කියන ගොඩනැගිල්ලෙ නටඹුන්.අපි ඒ නටඹුන් තියෙන පැත්තට ගියා. එතන හරියට පන්සලක් තිබුන වගේ.ඉතා විශාල ගොඩනැගිලි කිහිපයක්ම තිබුණ.


මේක තමයි එතුමගෙ පොත්ගුල කියල කියන්නෙ!.කවාකාර ගොඩනැගිල්ලක්


මෙකට කියන්නෙ පොත්ගුල් විහාරය කියල.පොත්ගුල් විහාරය නැරඹූ අපි ආයෙත් වැව් බැම්ම දිගේ අනෙක් පසට ආව. බලන්න ගියේ දීප උයන.සිංහලෙන් කියන්නෙ ISLAND PARK අහ් ඔය යන්නෙ අපේ මලය.කියන දෙයක් අහන් නෑ දුවන එකමයි වැඩේ.

දීප උයන පිවිසුම
දීප උයනෙ තමයි බලන්න දෙවල් තිබුණෙ.එක රජවරු විනෝදාස් වාදය සදහ පාවිච්චි කළ උයනක්.අපේ අර leisure world එක වගේ.ඒක නිශ්ශංක මල්ල රජතුමාගෙ උයනක්.අවශ්‍ය සියලුම පහසුකම් මෙහි තිබුණ සලකුණු හතරවටින්ම පේනව.පරාක්‍රම සමුද්‍රෙයන් කෙළින්ම වතුර ගන්න සොරොව්ව, බිසෝකොටුව ආදී පැරණි හෙළ වාරි ශිල්පයේ දස්කම් කියාපාන තැන් ද ස්නානාගාර, ජලටැංකි, රංග ශාලා, විශ්‍රාම ශාලා ආදී සියලු දේ මෙහි නටඹුන් අතරින් අපිට මැවිල පෙනුන.ඉස්සර මෙ ඉසව්ව කොපමණ සශ්‍රීක ද කියල අපට හිතාගන්න බැරිවුණා.

පොකුණ

සොරොව්ව

බිසෝකොටුව

ස්නානාගාරය

ජල ටැංකිය

රංග ශාලාව

ශාලාවක්

අපේ අය (මමත් ඉන්නෙ)

අපේ අය උයන ඇතුලෙ ගොඩක් වෙලා හිටියා.ඒ තරමටම ඒ උයන සිත් ඇදගන්නා සුළුයි.ඊට පස්සෙ ගියා ගල් විහාරය බලන්න.ඒ පැත්තට යන පාර දෙපස ඇති විශාල නටඹුන් ප්‍රමාණය දැක්කම යි හිතුණෙ පොළොන්නරුව කියන්නෙ නටඹුන් නගරය කියල.බලන බලන හැම පැත්තෙම නටඹුන්.ඉතා විශාල ගොඩනැගිලි වල නටඹුන් සාමාන්‍යෙයන් මීටර් 500 ක් විතර ප්‍රමාණයක් ඊටත් වැඩි ඇති මයෙ හිතේ..මේවැය ඔක්කොම පොටෝ ගහන්න බැරිවුණ එක තමයි මගේ හිතේ අමාරුව.මං හිතා ගත්ත ආයෙත් දවසක මේ පැත්තට එනව කියල.අපි ගල් විහාරයට ගියා.පොත පතින් දැකල තිබුණට ඇස් දෙකෙන් දැක්කෙ එදා.






අපේ ඉපැරණි කලා කරුවන්ගෙ දකෂතාවය.. අගෙයි නේද?...මේ සිවුරෙහි ඇති රැලි වල සියුම් බව! මේව කොහොම කළාද කියල හිතාගන්න බෑ.මෙහි ඇති අනෙක් විශේෂත්වය තමයි.මෙ පිළිම සියල්ලම එකම ගලක නෙළා තිබීම.මැද පිළිමය තියල තියෙන්නෙ මේ විශාල කලු ගල ඇතුලට හාරල.ඒ කාලෙ මේව කරයි කියල විශ්වාස කරන්න පුළුවන් ද? අපේ මුතුන් මිත්තන්ගෙ දක්ෂකම්! ආඩම්බරයි අපිට.දන්නවනේ මේ පිළිම වලට වෙඩිතිබ්බ සුද්දගෙ කතාව.වෙඩි තියල විහාර භූමියෙන් පිට වෙන්න වු‍ණේ නෑ අලියෙක් ගලේ ගැහුව. 

අපි ඊට පස්සෙ ගියා රන් කොත් වෙහෙර ඇතුළු ගොඩක් නටඹුන් ස්ථාන දැකගන්න.පොළොන්නරුව අටදාගේ,වටදාගේ,හැටදාගේ ආදිය ත්.ඒවයෙ පොටෝස් යටින් දාල ඇති.මේව අපි ඇස් දෙකෙන් දැකගත්ත විතරයි.වැඩිපුර කරුණු ඉතින් දැනගන්න ඉතිහාස පොතක් ගත්ත.ඒකෙ තියෙන ඒව දාන්න ගියොත් හෙට එළිවෙයි.ඒ ගැන සමාව.



ප්‍රාසාදය

සෙල් ලිපිය

වටදාගෙය

හැටදාගෙය

වටදා ගෙය තුල බුද්ධ ප්‍රතිමාව


අටදාගෙය

ථූපාරාම විහාරගෙය

ළිද

රන්කොත් වෙහෙර

පොළොන්නරුව පුද බිමෙන් අපි ආවෙ පොඩ්ඩක් හවස් වෙලා.ඊළගට අපේ ගමනාන්තය තිබුණෙ නුවර දළදා මාළිගාව.කොහොමින් හරි 4.30 විතර වෙනකොට නුවරට එන්න හැකි වුණා. මම පළවෙනි පාරට දළදා මාළිගාවට ගියේ.ඇස් දෙකෙන්ම දැක්කෙ.පුදුමත් ඇති ඔය අයට නේද.


දළදා මාළිගාව රාජා ගේ නවාතැන(කෞතුකාගාරය) පැත්තෙන්


ගස් අතරින්...


අහ්! මේ ඉන්නෙ අපේ තාත්ත.හමුදාවෙ හිටියෙ.ඕමන්තෙදි බෝම්බයක් වැදිල ඇස් දෙකම පේන්නෙ නෑ.1987 .
ආඩම්බරයි කියන්න SF First Batch තාත්ති විතරයි ඒකෙන් බේරුනේ!!!!




අපේ නඩේ

අපේ මලයත් අයිතිවාසිකම් පෙන්නන් ඔන කිව්ව.මායි නංගිල දෙන්නයි
පැත්තක.මූ විතරක් එක්ක අම්මට යි තාත්තටයි පොටෝ එකක් ගහන්න කිව්ව නොවැ



.දැන්නම් ඉතින් දිගටම යාවී.බෞද්ධයන්ගේ මුදුන් මල් කඩ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැද පුදා ගෙන අපේ නඩේ නිවෙස් බලා යන්න ගමන් ආරම්භ කළා... ගෙදර ගාල්ලෙ කදුරුදූව කියන සුන්දර ගමේ.ගාල්ලට එනකොට උදේ එකත් පහු වෙලා.දිග ගමනක්.. හරිම මහන්සි නිසා එදා  දවල් වෙනකම් නිදා ගෙන පෝස්ට් එක ලියන්න ගත්තෙ. ඔන්න අද තමයි ඔක්කොම පබ්ලිෂ් කොළේ.(don't mind ආ )



ආයෙත් හමුවෙමු..... ඔයාලට ජය!!!!


NVScreations

Saturday, September 1

මම දැකපු අසිරිය!! 1


ඉතින් හැමෝටම සුබ දවසක්!. කාලෙකට පස්සෙ පෝස්ට් එකක් දාන්න තමයි මේ පැත්තට ආවෙ. මගේ සිත් මල් යායෙ කවි විතරක් කුරුටු ගාන්න අදහසක් නැහැ..කොහොම වුනත් මේක මගේ නෙව. මෙහෙම කියල පටන් ගන්නෙ කවියක් දාන්න නෙමෙයි කියල ඔය අය දන්නවනෙ ඉතින්. වැඩි කතා ඕන නැහැ. කියවලම බලන්නකෝ..ආ තව එකක් මේක මම ලියන්නෙ මගේ හිත මෙහෙම කරන්න කියල කියපු නිසා.කාටහරි වැදගත් වෙයි නේ.නැත්නම් කවුරු හරි මේක පාලුව යන්නවත් කියවයි නේ..




               මම කාලයක් තිස්සෙ බලන් හිටියෙ අනුරාධපුර පොළොන්නරුව පැත්තෙ ගිහිල්ල අපේ පැරණි රජවරු කරපු කියපු දෑ මගේ ඇස් දෙකෙන්ම දැක බලා ගන්න, අපේ සංස්කෘතිය,අපේ අභිමානය, අපේ ස්වයිරී භාවය දැක බලාගන්න. ඔන්න ඉතින් පසුගිය අගෝස්තු 27 වැනිදා ඒකට කාලය ආව. බුදුසරණින් දෙවිපිහිටෙන් හිමිදිරි උදැසනම ගමන පටන් ගත්ත.
                                   අපි ගියේ කොළඹට ගිහිල්ල.අතර මැද කන්දෙ විහාරෙ නවත්තල වන්දනාමාන කළා.ඒ අතරෙ හීන් පොද වැස්සකුත් පටන් ගත්තෙ අපිට ආශිර්වාද කරන්න වගේ.

කන්දෙ විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සෙ
            


ඉන් පස්සෙ කළුතර බෝධියට පඩුරක් දාලා කැළණිය පුදබිමට ගමන් ඇරඹුව.ඉතාම නිස්කලන්ක පරිසරයක්.සිතට දැනෙන සිසිලස අනිත් සේරටම වඩා වැඩියි.මහා නගරයක් මැද්දෙ මෙවන් නිසංසල පරිසරයක් කොහෙන්ද කියල මට හිතුන.

කැළණි විහාරය
 බුදුරජාණන් වහන්සේගේ සිරි පා පහස ලද කැළණිය පුදබිම වන්දනා කිරීමට මට හැකිවුණා.

කැළණි විහාරයේ බෝ මළුව

කැළණියෙන් අනුරාධපුරය බලා තමයි ගමන් ඇරඹුවෙ.ඒත් දඹුල්ල ආසන්නයට එන කොට කාගෙත් උවමනාව අනුව දඹුල්ල ලෙන් විහාරයත් වැදපුදා ගත්ත.එතනට ගියාම තමයි දැක්කෙ මෙච්චර අලංකාර දේවල් මේ පුංචි ලංකාව ඇතුළෙ තියෙනව නේද කියල.

පිළිමය (ලෙන් විහාරයට යන් අතර..)
බලන බලන හැම අතම පේන්නෙ ස්වභාව සෞන්දර්යය.ඈතින් ලෝක පුදුමයක් වෙන සීගිරිය හරි අපූරුවට දර්ශනය වෙනව.

රතුපාටින් රවුම් කරල තියෙන්නෙ සීගිරිය
රිලා හාමිලා ලෙන් විහාර භුමිය පුරාම වැහි වැහැල වගේ.ඒ ගොල්ලන්ට කිසිම බයක් නැහැ.බැතිමතුන් යන පාරෙ සෙල්ලම් කරනව.හරි අපූරු දර්ශනයක් එක.හරිම චමත්කාර ජනකයි.

පුංචි රිළා පවුලක්
මේ පුංචි පවුල මේ විදියට හිටියෙ ලෙන් විහාරයට යන පඩිපෙළ අයිනෙ.කොපමණ චමත්කාර ජනක පරිසරයක්ද?.අපේ වැඩිහිටියො කියපු විදියට ඉස්සර දැන් වගේ පඩි පෙළවල් තිබ්බෙ නැති ලු.දැන් මේ හරිය හොදටම වෙනස් වෙලා ලු.කොහොම උනත් ලෙන් විහාරය පිහිටල තියෙන තැනනම් අපූරුයි.හිතට සැහැල්ලුවත් දැනෙන ගත විඩාවෙන් දුරු කැලන පරිසරයක්.ඒ නිසාමද කොහෙද සංචාරකයන් ගෙන් පිරිල.අපේ අයට වඩා ඉන්නෙ ඒ අය. ඒ අයට පුදුම ඇති අපේ මුතුන් මිත්තන් ගෙ වැඩ ගැන.එහෙම කිවුවෙ හරි ආඩම්බරෙන් හොදේ.
ලෙන් විහාර භූමිය

විහාර භූමියේ ඇති අලංකාර පොකුණ
මෙතනින් එන්න හිත දුන්නෙම නෑ.මොනව කරන්නද කාලය අපට හරස් වූනා.ඊට පස්සෙ කෙලින්ම අනුරාධපුරට තමයි ගියේ.වැඩේ කියන්නේ පාර හදනව.පුදුම වාහන තදබදයක් තිබුණේ.ඒ නිසා අපිට ගොඩක් හවස් වෙලා තමයි අනුරාධපුරයට පය ගහන්න වුනේ.මේ නිසා අනුරාධපුරේ සිද්ධස්ථාන වලට යන්න ඊට පහුවදා දාගත්ත.

              අගෝස්තු 28 හිමිදිරි පාන්දරම අපි සිද්ධස්ථාන නැරඹීමට පිටත් වුනා.මුලින්ම ගියේ ජය ශ්‍රී මහා බෝධිය වන්දනා කරන්න.
ජය ශ්‍රී මහා බෝධිය!!
ජය ශ්‍රී මහා බෝධිය වෙනුවෙන් අවුරුද්දකට උත්සව හතරක් පැවැත් වෙනව.අලුත් අවුරුදු මංගල්‍යය, කාර්තික මංගල්‍යය, අලුත් සහල් මංගල්‍යය සහ පරණ අවුරුදු මංගල්‍යය යනුවෙනුයි.(මේව මාත් එක්ක කිවුවෙ එතන වැඩ හිටපු මෙහෙණින් වහන්සෙ නමක්.තව කිව්ව මතක නෑ.)ආ බෝ මළුව වටා ඇති කළුගල් ප්‍රකාරය                     කීර්ති ශ්‍රී රාජසිංහ(ක්‍රි.ව.1747-1782)රජ දවස,මළුවට එන අලියන් වැළක්වීම සදහා අත්තදස්සී ස්වාමීන් වහන්සේ විසින් තනන ලද්දක් බව පැවසුව.
             රුවන්වැලි මහා සෑය දුටුගැමුණු රජතුමාගේ විශිෂ්ට නිර්මානය වන මෙය යෝධ වලාකුළක් පරිද්දෙන් මගේ ඉදිරියේ දිස් වුණි.විටෙක අහසින් දාගැබ වෙන්කරලීමට නොහැක් තරම්ම සමානව පෙනුණි.
රුවන්වැලි සෑය
 ක්‍රි.පූ.161-137 දී පමණ දුටුගැමුණු මහරජතුමා විසින් ඉන්දියාවේ රාම ග්‍රාමයෙන් වැඩම කරන ලද ද්‍රෝණයක්(කුරුණි හතරක්) වූ සර්වඥ ධාතූන් වහන්සේ නිධාන කොට තනන පද මේ චෛත්‍යය රාජයා අනිත් චෛත්‍යයන් අතරින් අග්‍රස්ථානය ගනී.අක්කර පහක් පමණ වන රුවන්වැලි සෑ මළුවේ පියමන් කරන විට දැනෙන සනීපය ජීවිතයේ අන් කවරදාකවත් නොවිදපු අත්දැකීමකි.මෙතරම් විශාල දාගැබ් කළ රජවරුන් මේ පුංචි ලංකාව තුල සිටීම අතිශයින්ම විශ්මය ජනක නොවේද? සංචාරකයන්ගේ පැමිණිමෙන් පිළිබිඹු වන්නේ එයයි.
                 මේ දවස් වල අනුරාධපුරයට හොදටම පායනව.ටිකෙන් ටික අවුරහ්මිය පොළවට ළගා වූ නිසා අපේ ගමන ඉක්මන් වුණා.මීළගට ජේතවන දාගැබ දැක ගැනීමට ගියා.ජෝති වනයෙහි තැනූ ජේතවන විහාරය පිහිටා ඇත්තේ මහා විහාර භූමිය තුලමයි.මෙය බු.ව.819 දී මහසෙන් රජු විසින් කරවන ලදැයි පොත්පත් වල සදහන් වෙනව.තවද මෙය ශ්‍රී ලංකාවේ ඉදි කරන ලද දාගැබ් වලින් විශාලතම දාගැබයි.එවකට  අඩි 400 ක් උස් වූ මෙම දාගැබ දැනට උස අඩි 232 කි. මෙම දාගැබේ මළුව අක්කර අටක් පුරාවට විහිදී ඇත.මළුවට පිවිසීමට සතර දිසාවෙහි අඩි 28 ක් පළළැති පියගැට පෙළවල් සතරක් වේ.
ජේතවනාරාමය
සමුපූර්ණයෙන් ගඩොලින් නිමවා ඇති මෙම දාගැබහි බුදුන් වහන්සේගේ පඨි ධාතුවෙන් කොටසක් නිදන් කර ඇති බව සදහන් වේ.තවද මෙය ලොව ඇති උසම ගඩොල් ස්මාරකය ලෙසද පිළිගනී.
       ජේතවනාරාමය පසුකොට අප ගියේ අභයගිරි පුදබිමට ය. එහි ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විටත් සිදුවන බව ඈතින්ම අපට පෙනුණි.කෙසේ වෙතත් දාගැබ පිහිටි භූමිය ඉතාම නිස්කලංක බවක් කියා පෑහ.වළගම්බා(ක්‍රි.පූ.89-77)රජතුමා කළ මෙම දාගැබ විශාල ලෙස ගොඩනැගුනේ මහා පැරකුම්බා රජ සමයේදී ය.එවිට මෙහි උස අඩි 350 ක් පමණ වූයේ යැයි පැවසේ.දැනට මෙහි උස කැඩී ගිය කොත් කැරැළ්ලේ මුදුනට අඩි 245 කි.දාගැබ පිහිටා ඇත්තේ සම චතුරශ්‍රාකාර මළුවක ය.
අභයගිරි ස්තූපය
 තවද මෙහි ධාතූන් වහන්සේලා තැම්පත් කළ ස්වර්ණමය ගව රූපයක් ද රන් පත් වල ලියූ ත්‍රිපිටකය ද නිදන් කර ඇති බව සදහන් වේ.එපමණක් නොව දැනට ලොව ඇති දෙවන විශාලතම ගඩොල් ස්මාරකය ද මෙය වේ.
          ඉන් පස්සෙ අපි ගියේ අනුරාධපුර යුගයේ සදකඩපහණ දැක බලා ගැනීමටයි.එම ස්ථානයට යන විටත් ඒ ගැන පැහැදිලි කිරීමක් කරන කාන්තාවක් දැක හනිකට එදෙසට දුව ගියෙමි.
අනුරාධපුර සදකඩපහණ
අනුරාධපුර අභයගිරි විහාරයේ මහසෙන් මාලිගෙය නමින් හැදින්වෙන තැන පිහිටි ගොඩනැගිලි පහකින් යුක්ත පංචාවාසයෙහි ඇති සදකඩපහණ කලාත්මක අතින් උසස් නිර්මාණයක් ලෙස සැලකෙයි.සදකඩපහණෙහි පිටින්ම ඇත්තේ ගිනි දැල්ල යි.එයින් දුක් ගැහැට අදහස් කරයි.ඉන් පසු දැක්වෙන සතුන් (ඇතා,අශ්වය,සිංහය,ගවය) හතර දෙනාගෙන් ජාති ජරා ව්‍යාධි මරණ යන සතර බය දැක්වෙයි.අනතුරුව ඇති ඝණ ලියවැල මෙම කරදර වලට මුල් වන තෘෂ්ණාව දක්වයි.ඊ ළගට දැක්වෙන හංස ලියවැල බුද්ධිමත් පුද්ගලයින් නරක අතහැර යහපත් ධර්මය අනුගමනය කරන බව දක්වයි.එසේ තෝරාගත් විට ක්‍රමයෙන් තෘෂ්ණාව තුනීවෙන බව ඊළගට ඇති තුනී ලියවැලෙන් දක්වයි.අවසාන වශයෙන් දැක්වෙන්නේ නෙළුමයි.එය නිර්වාණයයි.කෙමෙන් තෘෂ්ණාව තුනී කරගන්නා තැනැත්තා නිවන් අවබෝධ කර ගන්නා බව සදකඩපහණෙහි දළ අදහස ලෙස ගත හැක.මෙය මහාචාර්ය සෙනරත් පරණවිතානයන් සදකඩපහණ විස්තර කළ අයුරුයි.
          පස්සෙ ගියේ සමාධි පිළිමය වැදපුදාගන්න.ප්‍රතිමාව විරාසනයෙන් හිදසිටින හා ධ්‍යාන මුද්‍රාව පළකරණ අන්දමින් නිර්මාණය කළ මෙහි උස අඩි 07 යි අගල් 03 කි.
සමාධි පිළිමය
හෙළ කලා කරුවන්ගේ නිර්මාණ ශක්තිය ගැන අපිට මෙය හැර වෙන උදාහරණයක් නොමැත.සියුම් රටාවන් නිර්මාණය නොට ඇත්තේ බදාමයෙන් නොව කළු ගලක් සමග ඔට්ටු වෙලා ය.මෙම කලා නිර්මාණ අපිට මහත් ආඩම්බරයක් ගෙන දෙන්නකි.
         ලංකාරාමය ද අටමස්ථාන වලින් එකකි.වලගම්බා රජු විසින් කරවන ලද මෙම දාගැබ ථූපාරාමයට වඩා කුඩා වුවත් එහි ලකෂණයන් අනුගමනය කොට ඇත.මෙහි උස අඩි 44 අගල් 02 කි.
ලංකාරාමය
 ලංකාරාමයත් වැදපුදා ගෙන ඊලගට ගියෙ ථූපාරාමයට..ඒකත් ලංකාරාමය වගේමයි.එහෙම කියන්න බෑ.ලංකාරාමය ථූපාරාමය වගේ කිවුවොත් හරි.මොකද මේක තමයි ලංකාවේ ප්‍රථම ස්ථූපය. බු.ව.236 දේවානම් පියතිස්ස රජු විසින් බුදුන් වහන්සේගේ දකුණු අකු ධාතුව නිදන් කොට මෙය තනන පද බව පොත පතෙහි සදහන් වෙනව.
ථූපාරාමය


ඊළගට තමයි නියම ගමන තිබුනේ.මිහින්තලේ පුදබිම. අප්පා... මාර ගමනක්.මිහින්තලේ භූමියේ පැරණි නටඹුන් රාශියක් දක්නට ලැබුනා.අම්බස්තල චෛත්‍යය,කටුසෑය,නාග පොකුණ,විශාල ශිලා ලිපි ආදී බොහොමයක් නටඹුන් මේ ඉසවුවෙ තිබුන.
මිහින්තලා ගල
 මෙන්න මේ ගල උඩට නගින එක පොඩිඅයට මාර විනෝදයක් උනා.අපේ ආච්චිල සීයලට බලාපොරොත්තු ඉටුකර ගැනීමක් උනා.කොහොම උනත් බය වුන බැතිමතුන් නැග්ගෙ නෑ.මම නම් ඉතින් බුදු සරණයි කියාගෙන නැග්ග.ඇයි දෙයියනේ මේ පූජනීය ගල ළගට ඇවිල්ලත් නොනැග යන්න පුළුවන් ද.
       විශේෂයෙන් කියන්න දෙයක් තියෙනව.අපි ඒ පූජනීය ස්ථානෙ හිටපු වෙලාවෙ යාපනෙන් ආපු දමිළ බැතිමතුන් පිරිසකුත් දකුණෙ අපිත් එක්කම ගලට නැග්ග.උතුරෙයි දකුණෙයි සාමය එතැන වගේ මම ඒ වෙලාවෙ දැක්කෙ.
        මිහින්තලේ අපි ගොඩක් වෙලා හිටිය.පොළොන්නරුවට යන්න ඕන නිසා එම පූජනීය ස්ථානය දමා ආව.අපේ බාප්ප කිවුව විදියට හබරණ පාරෙ තමයි යන්න හිටියේ.ඒත් එයාම කිවුව ලස්සන අලි ටිකක් නම් බලාගන්න බැරි වෙන එකක් නෑ කියල.අපේ නඩේ ගෑනු අයගෙ නම් කට ඇරුන. හි හී.
    දැන්නම් ඇති . ටයිප් කරල මගේ අතත් රිදෙනව.පොළොන්නරු ගමන ගැන හැකි ඉක්මනින් දානව.ඕකේ. එහෙනම් මම අදට සමු ගන්නව..ජය වේවා!!


 ප.ලි. අනුරාධපුරේ හැම සිද්ධස්ථානයක්ම දැකබලා ගත්ත.ඒ වගේම නටබුන් ස්ථානත්.ලියන්න බැරිවුන සිද්ධස්ථාන ගැන කමා වුව මැනවි සහෘදයනි





NVScreations

Sunday, August 5

අලුත් වැඩක් ...

      මේකේ තිබුනු NETWORK පාඩම් ටික නැත්තෙ මොකද කියල කට්ටිය බලයි...ඒව ඔක්කෝටම මම අලුත් ගෙයක් හැදුව..එතනට මෙන්න මේ පාරෙන් යන්න පුලුවන්.. http://networkpath.blogspot.com/  
                     මට හිතුන මේක නිකන් අච්චාරුවක් වගෙයි කියල.ඒකයි එ ටිකට වෙනම තැනක් හදල දුන්නේ... ඔන්න ඒකටත් යන ගමන් මේකටත් මතක ඇතුව එන්න හොදේ... මෙකේ දිගටම මගේ සිතුවිලි සිත්තම් පිපේවි!!!!
                එහෙනම් ජයවේවා!!!
                       

NVScreations

Thursday, July 12

මාගේ දෑසින් වැටෙනා හැම කදුලක් පාසා..............

ඔන්න කට්ටියට සුපිරි අනුකරණයක්!!! තේරී මේරී සිංදුවේ තනුවට ගැයූ සිංහල සිංදුව දැන්ම බා ගන්න...

                               

Download this song........................................................... සිංදුව ගන්න.......................



පොහොය දා ...

සුපිපි වන මල් පොකුරු අතරින් හිරු උදාවන පෝහෝ දා....... නිමල බුදු බණ අසනු බැතියෙන් සිතෙහි සරදම් ඉවතලා....... හදේ ඉපැදුනු අරුත...