Wednesday, June 13

දූ සිගිත්ති!!!

දහසක් පැතුම් පොදි බැදගෙන
ඔබ එනතුරු මා බලා සිටියෙමි!!
අදයි ඒ දවස මා හද සතුට රජයන
දෙව් ලොව උණුසුමෙන් මා වෙළෙමි!!

ඔය නිල්වන් අහිංසක දෑස් යුග
පවසයි පිවිතුරු කිරි කැකුළු සිනා!!
නිවාලයි මා ළයේ සියලු වේදනා
කිරි සුවද හමමමින් හිනහෙන විට!!

දුර ආකාශයේ සුදෝ සුදු වළාකුලක් සේ
සිනිදුයි ඔබේ කිරිකැටි සම පිහාටුවක් සේ
දූවේ ඔබේ නීල දෑස දිලෙයි මැණිකක් සේ
දුක නිවාලයි ඔබේ සිනා හඩ දිව ඔසුවක් සේ................

                                                                                       

                                                                                         

1 comment:

  1. මෙම ඡායා රූපය මුහුණු පොතේ යහලුවකුගේ බිත්තියෙන් ගන්නා ලදී... ඔහුට ඇතිවූ සතුට ගැන මට මෙසේ සිතුනි...

    ReplyDelete

ඇවිල්ල නිකම්ම බලල යන්න එපා.අදහසකුත් දාල යන්න.මොකද ඔයාගෙ අදහස මට ගොඩක් වටීවි මගේ වැරදි තියෙනම් හදාගන්න.ඒ නැති වුනත් ඔයාගේ අදහස මගේ හිත සතුටු කරාවී.මගේ පෝස්ට් ගැන ඔයාලගේ අදහස් දැනගන්න මම ගොඩාක් කැමතියි!!

පොහොය දා ...

සුපිපි වන මල් පොකුරු අතරින් හිරු උදාවන පෝහෝ දා....... නිමල බුදු බණ අසනු බැතියෙන් සිතෙහි සරදම් ඉවතලා....... හදේ ඉපැදුනු අරුත...