Sunday, June 17

මගේ ආදරණීය තාත්තාට

දස මාසයක් මගේ අම්මා
මා, කුස දරා සිටින විට
මා යි අම්ම යි දෙන්නවම
බලා ගත්ත මගේ තාත්තට
අද දිනය විතරක් විශේෂ 
ඇයි ? (2012/06/17)

තාත්තේ,ඔබ මගේ වීරයා යි!!!
තාත්තේ,ඔබ මගේ ප්‍රාණයයි!!!
තාත්තේ,ඔබ මගේ ජීවයයි!!!
තාත්තේ,ඔබ අම්මගේ ආදරයයි!!!

දයාබර පියානෙණි ඔබ
චිරාත් කාලයක් වැජඹේවා!!!!!!!!

අයි ලව් යූ ඩෑඩ්!!


Wednesday, June 13

දූ සිගිත්ති!!!

දහසක් පැතුම් පොදි බැදගෙන
ඔබ එනතුරු මා බලා සිටියෙමි!!
අදයි ඒ දවස මා හද සතුට රජයන
දෙව් ලොව උණුසුමෙන් මා වෙළෙමි!!

ඔය නිල්වන් අහිංසක දෑස් යුග
පවසයි පිවිතුරු කිරි කැකුළු සිනා!!
නිවාලයි මා ළයේ සියලු වේදනා
කිරි සුවද හමමමින් හිනහෙන විට!!

දුර ආකාශයේ සුදෝ සුදු වළාකුලක් සේ
සිනිදුයි ඔබේ කිරිකැටි සම පිහාටුවක් සේ
දූවේ ඔබේ නීල දෑස දිලෙයි මැණිකක් සේ
දුක නිවාලයි ඔබේ සිනා හඩ දිව ඔසුවක් සේ................

                                                                                       

                                                                                         

Sunday, January 29

සදා කල් නොමියයි <> මිතුදම අපේ <>

පළමු කොටස 
තරු පොකුරු
යට ඉදන්
අඩනවා අපි
හද එළිය
බලා‍ගෙන ආ වඩා !!

හා හාමි ඉදන්
අත වනනවා
අපෙ හැඩුම්
බලාගෙන
හිනහිලා !!

දෙවන කොටස
මුලු අහසෙම
සද එළිය ඇතත්
තරු පොකුරුද
තැන තැන
හිනහෙනා !!

අමාවක අහසක
සද නැති මුත්
තරු හිනහෙන විට
නිවාලයි
දුක්වේදනා !!


                              නිපුන සේනානායක
                                       NVScreations
                                       nvscreations@hotmail.com
                                      _/\_/\_/\_/\_/\_/\_/\_/\_

                                               
                                                 
                          

Friday, January 27

"ලැබීම"

ඉප‍දෙන විට
නොහැකි විය
ජාති කුලමල ආගම්
විමසීමට!!!

ඉපදුනි දුප්පත් පැලක
අසරණ මව්පියන් හමුවේ.....
සැපවත්ව!!!

පසුව දැනගති
තවත් අය ඉපදුනු බව??

පොහොසත් මාළිගාවල
විරසක මව්පියන් හමුවේ
දුක්ඛිතව!!!!!


                                         
                                              නිපුන සේනානායක
                                              NVScreations
                                              nvscreations@hotmail.com
                                             _/\_/\_/\_/\_/\_/\_/\_/\_
                          




හදවත හදවත !!!!!!!!

දවසක් හැඩුවෙමි
මුලු රැයක්ම
කා නිසාද ?
ඔබ නිසයි ඒ....

කුමට හැඩුවෙම්ද ?
සිතාගත නොහැක 
මට.......

ඔබ
මගේ සිහින කුමරිය
නමුත් දියවිය
වැසි ජලයට හසු වූ 
මැටි  පිඩක් මෙන්

ඉතින් මා 
වැස්සට බැන 
කුමක් කරන්නද ?
පවසන්න!

                                              නිපුන සේනානායක
                                              NVScreations
                                              nvscreations@hotmail.com
                                             _/\_/\_/\_/\_/\_/\_/\_/\_
                          
                           


පොහොය දා ...

සුපිපි වන මල් පොකුරු අතරින් හිරු උදාවන පෝහෝ දා....... නිමල බුදු බණ අසනු බැතියෙන් සිතෙහි සරදම් ඉවතලා....... හදේ ඉපැදුනු අරුත...